Episode 19

92 30 0
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 19

"ඇනා වයිට්ගෙ ඉරණමේ ඔයා ගැනත් ලියවිලා තියනවා. ඒ හින්දයි අවුරුදු ගාණක් මාත් ජේසනුත් ඔයා ගැන ඇහැ ගහගෙන හිටියෙ"

"ජේකබ්..."

මං අඩන්න ගත්තා. තවත් දරාගන්න බෑ මට... බොළද, හිත හයිය නැති මෝඩ මං ඇඩුවා. හුගක් ඇඩුවා.

"උඹ මැරිලා පලයන් ඉක්මනට..."

අන්තිම මොහොතේ එහෙම මිමිණුව ජේකබ් සදහටම මගෙ ජීවිතෙන් සමුගත්තා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"මොකද්ද ප්‍රශ්නෙ?"

ජේකබ් අතුරුදහන් වුණ කොරිඩෝව දිහා බලන්ම අඩ අඩ හිටපු මං ගැස්සුණේ රාජකීය වෛද්‍යවරයාගෙ කටහඬට.

"කව්ද ආවෙ?"

මට පිටුපාලා එයා කොරිඩෝවට පිවිසුණා. ඒ ඇසිල්ලෙ කදුළු පිහිදාගත්ත මං කතා කලා.

"කවුරුත් නෑ. ඇබිගෙල්ට කොහොමද?"

එයා තත්පර දෙක තුනකට විතර පස්සෙ ආපහු හැරිලා මං දිහා නිරීක්ෂණශීලී දෑසින් බැලුවා. ඊටපස්සෙ දිගු අඩි තියලා ඇතුලට ගියා. පුස්තකාලෙ පිවිසුම් දොරටුව වහලා මාත් ඒ පිටිපස්සෙන් ඇදුණා.

"එයාව යක්ෂයෙක් කරන්නෙ කොහොමද?"

මං ඇහුවෙ රාජකීය වෛද්‍යවරයා මට පෙන්නුව සුවපහසු ආසනයෙ වාඩි වෙලා.

"මනුස්ස ජීවිතේ අරගෙන. සිරුර මැරෙනවා එතකොට. නරක,නපුරු වෛරී හැගීම් වලින් පුරවනවා"

"ඒත් ඔයාටත් තියෙන්නෙ මිනිස් ශරීරයක්... මිස්ටර්?"

"ඩෙවෙලොක්. මගෙ නම ඒක. ඔව්... මං මනුස්සයෙක් වෙලා හිටපු කෙනෙක්. බලය වැඩි වුණාම ශරීරය තියාගන්න පුළුවන්. පොළොව යට අදුරු හිර ගෙවල් වල ඉන්න භයානක පෙනුම තියන යක්ෂයෙක් වෙනවට වැඩිය මේ පෙනුම හොදයි කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?"

රාජකීය වෛද්‍යවරයා කිව්වෙ කහ පාට දත් පෙන්නලා හිනාවක් දාලා. උණු, උකු ද්‍රාවණයකින් ඇබිගෙල්ගෙ නළල තවන ගමන්.

"ඇග්‍රගෝන් කියන්නෙ මනුස්සයෙක්? එහෙම නේද?"

"ඔව්... එයා යක්ෂයෙක් වෙන්න බලන් ඉන්න මනුස්සයෙක්. වෛරී හැගීම් පිරිච්ච පරිසරයෙ ඉදලම එයාට දැන් ඒක හුරුයි"

The Devil of the DevilsWhere stories live. Discover now