Episode 20

92 32 1
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 20

"ඕක නවත්තන්න"

"මං නවත්තන්නෙ නෑ. උඹ... මේ හැමෝම විනාස වෙන්න ඕනි. මං උඹලා ඔක්කොම විනාස කරනවා. හැබැයි මට බැරි වුණොත්..."

වාක්‍ය අවසන් කරන්න මට ඉඩ නොදී තත්පරෙන් මට ළං වුණ ජේ ජේ ඒ දෑත් වලින් බිත්තියට මාව හිර කරා.

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"ඇයි බැරි වුණොත් මොනා කරන්නද?"

මූ අහපි.

මාව ඒ දෑතට හිර වෙලා හිටියත්, මට කරන්නම දෙයක් නැතුව බේරෙන්නවත් ශක්තියක් නැතත් මං රවාගෙනම හිටියෙ එතකොට හරි මිනිහට තේරෙයි මං කාටවත් යටත් වෙන්නැති කෙල්ලෙක් විත්තිය.

"මොකුත් නෑ. උඹට වැඩක් නෑනෙ"

මං වචන වලින් දමලා ගැහුවා.

ඊටපස්සෙ ජේසන් මාව අතෑරියා. අඩියක් විතර මගෙන් පස්සට වෙලා මං දිහා බලන් හිටියා. මාත් දෙවෙනි නොවී කිසිම අමාරුවක් නැතුව බලන් හිටියෙ ඒ ඇස් දිහා.

"ඔයා ඇයි පිසාචයන්ගෙන් උදව් ගන්න හදන්නෙ? ඌ අහිංසක පිසාචයෙක් ඒ ඇරුණම උට මොකුත් කරගන්න අමාරුයි"

"ඒක උඹට අදාල දෙයක් නෙවේ"

මං කිව්වෙ තරහින්. වෙන වෙලාවක නම් මෙහෙම කතා කරන එක ගැන මං දෙපාරක් හිතනවා. ඒත් මාව මේ තත්වෙට ඇදලා දැම්මට පස්සෙ තවත් ඉවසන්න නම් මට බෑ.

ජේසන් මං දිහා සන්සුන් විදිහට බලන් හිටියා. හරියට පොර මේ ගැන මොකුත් කරේ නෑ වගේ හිතේ සැනසීමකින්.

"හිත එකග කරගන්නයි ඔයාට ඉගැන්නුවෙ. ඒත් ඔයා ඒ එකක්වත් ගාණකට නොගෙන හතර අතේ ඇවිදිනවා"

"ඔව් ඇවිද්දා තමා ඇයි? උඹට තව මොකක්හරි කියන්න තියනවද?"

හොට්ටා අසමතුලිත කන් දෙක අල්ලගෙන ඇස් ලොකු කරන් අපි දිහා බලන් හිටියා. මාත්,ඇනාත්,ඇබිගෙලුත් හිටිය හිර කුටිය තිබ්බෙ තුන්මං හංදියක. වම් පැත්තෙ කොරිඩෝවෙ අපේ හිර කුටියෙ බිත්ති වලට මාව හිර කරන් තමා ජේසන් මෙච්චර වෙලා හිටියෙ. හොට්ටා හිටියෙ හිර කුටිය ඉස්සරහා තිබ්බ කොරිඩෝවෙ පළවෙනි හිර කුටියෙ. ඉතින් එයාට ලෝහ කූරූ අතරෙ තෙරපිළා අපිව බලන්න පුළුවන්. ඒ වගේම අහන්නත්.

The Devil of the DevilsWhere stories live. Discover now