𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒...

By jinshi_0811

24.4K 5K 474

තනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලාය... More

1 කොටස 💜💗
2 කොටස 💜💗
3 කොටස 💜💗
4 කොටස 💜💗
5 කොටස 💜💗
6 කොටස 💜💗
7 කොටස 💜💗
8 කොටස 💜💗
9 කොටස 💜💗
10 කොටස 💜💗
11 කොටස 💜💗
13 කොටස 💜💗
14 කොටස 💜💗
15 කොටස 💜💗
16 කොටස 💜💗
17 කොටස 💜💗
18 කොටස 💜💗
19 කොටස 💜💗
20 කොටස 💜💗
21 කොටස 💜💗
22 කොටස 💜💗
23 කොටස 💜💗
24 කොටස 💜💗
25 කොටස 💜💗
26 කොටස 💜💗
27 කොටස 💜💗 🔞
28 කොටස 💜💗
29 කොටස 💜💗
30 කොටස 💜💗
31 කොටස 💜💗
author note 💜💗
32 කොටස 💜💗
33 කොටස 💜💗
34 කොටස 💜💗
35 කොටස 💜💗
author note 💜💗
36 කොටස 💜💗
අවසානය 💜💗
පසුවදන 💜💗

12 කොටස 💜💗

581 132 4
By jinshi_0811


කොල්ලො තුන් දෙනා drom එකට ආපු ගමන් ජින් මුකුත් නොකියා ගියේ රූම් එකට.. මේක ජිමින්ට ලොකු ප්‍රශ්නයක්..

"මේ ජින් hyungට මොකද වුණේ"
ජිමින් ඇහුවේ ඇස් දෙකත් මොකක්දෝ කරගෙන jkගෙන්

"මම දන්නෑ hyung .. එයා මටත් ටිකකට කලින් බැන්නා. මොකක් හරි ප්‍රශ්නයක්ද කොහෙද. මම namjoon hyungට කියන්නම්. මටනම් හිතෙන්නෙ එයාට ජින්ගෙ ප්‍රශ්න අපිට වඩා තේරුම් ගන්න පුලුවන්"
Jk කිව්වෙ බිම බලාගෙන පොඩි එකෙක් වගෙ..

ඉස්සර ඉදන් ජින්ගෙ ප්‍රශ්න කිව්වෙ නම්ජූන්ට. මොකද ඒ දෙන්නා ගොඩාක් එකතුයි. දෙන්නට දෙන්නගෙ ප්‍රශ්න ගොඩාක් තේරුම් ගන්න පුලුවන්..

අපි හැමෝටම ඕනි එහෙම යාලුවෙක් නේද 😓

කොල්ලා බර කල්පනාවක. ඇයි ජින් ආරා ගැනම හිතන්නෙ ..
කොල්ලා තවත් ඒ ගැන හිතලා වැඩක් නැති නිසා වොශ් එකක් දාගෙන නිදා ගත්තා..

-----------------------------------------------------------
          -------------------------------------

දෙසැම්බර් 3 වෙනිදා.. ජින්ගෙ උපන්දිනයට තව දවසයි.. කොරියාවෙන් තුන් කාලක් විතර ඒ දවසට ලෑස්ති වුණා..

"ජියා අක්කෙ හෙට ජින්ගෙ බර්ත්ඩේ එක නේද"
මින්ජි ඇහුවෙ එයාගෙ ලස්සන හිනාවත් එක්ක

ජින්ගෙ නම ඇහුනා විතරයි ආරා උඩ ගිහින් බිම වැටුනා වගෙ.. කෙල්ල කොහොමද දන්නෙ ඉතින් ජින් කියන්නෙ කොරියාවෙම ප්‍රසිද්ධ කෙනෙක් කියලා..

"ක..ක..ව්ද ඔය ජින් කියන්නෙ"
ආරා ඇහුවෙ බිමත් බලාගෙන

"ඔයා ජින්ව දන්නැද්ද?😮 එයා bts එකේ member කෙනෙක්.. ඔයා ඉතින් කොහොම දැනගන්නද.. ඔයා tv එකක්වත් බලන්නෑනෙ"

මින්ජි ඒකනම් කිව්වෙ කින්ඩියට වගේ 😏

ආරා හිතුවෙම ජින් ගැන.. මොකද ආරාටත් ඕනි වුණා තව වතාවක් එයත් එක්ක කතා කරන්න.. ඒත් මොනා කරන්නද phone number එකක්වත් address එකක්වත් දන්නෙ නැතුව කොහොම ජින්ව ආයෙත් හම්බවෙන්නද😔

Graduation එකත් ඉවර නිසා ආරා ලෑස්ති වුණා coffee shop එකේ manager  එක්ක ටිකක් කතා කරන්න යන්න..

-----------------------------------------------------------
            ----------------------------------------

"හායි. මම ආරා .. මම managerව හම්බවෙන්න ආවෙ.."

ආරා කිව්වෙ coffee shop එකේ වැඩ කර කර හිටපු පිරිමි ළමයෙක්ගෙන්..

"ආහ් ඔව් සර් ඉන්නවා. මම එයාට කතා කරන්නම්. ඔයා ටිකක් මෙතනින් ඉදගන්න"

ඒ පිරිමි ලමයා ආරාට ඉදගන්න තැනක් පෙන්නුවා..

"ම්ම් හරි🙂"
කෙල්ල ගිහින් පැත්තක තිබුණු මේසයක ඉදගෙන ෆෝන් එක ඔබන්න පටන් ගත්තා..

"කව්ද මේ.. මාව හම්බවෙන්න ඕනි කිව්වෙ"
Manager එතනට එනකන් කෙල්ල දැනගෙනවත් හිටියෙ නෑ.. මොකද කෙල්ල ෆෝන් එක අතේ තියාගෙන කල්පනා කරෙත් ජින් ගැන

"අන්‍යොන් .. මම ආරා. මම කලිනුත් මෙහෙට ආවා graduation එකෙන් පස්සෙ මට මෙහෙ රස්සාවක් බලන්න.. මගේ graduation එක ඉවර වුණේ ඊයෙ.. මට ගෙදර තනියම ඉන්න හිත දෙන්නෑ. ඒ නිසා මට රස්සාවක් කරන්න හිතුනා"

"ආහ් ඔව් මට ඔයාව මතකයි ආරා.. ඔයාව මෙහෙ වැඩට ගන්නවා කියලා මම ඔයාට පොරොන්දු වුණානෙ. එහෙනම් හෙට ඉදන් ඔයාට වැඩට එන්න පුලුවන්"

ආරාට ඇත්තටම සතුටුයි.. ආරා හිතුවේ මේ ගතවෙන දවස් ටික එයාගෙ වාසනාවන්තම දවස් ටික කියලා..

"බොහොම ස්තූතියි සර්..මම හොඳින් වැඩ කරන්නම්"
ආරාගෙ මූණෙ එයාගෙ ලස්සන හිනාව පිරිලා 😍😍

"හරි ආරා.. මම ඔයාට කෙනෙක් හදුන්වලා දෙන්නම්.. මේ ඉන්නෙ ලී මින් සුක්. හෙට ඉදන් ඔයා වැඩ කරන්න ඕනි මෙයත් එක්ක"
Manager අත දික් කරලා ආරාට පෙන්නුවේ ආරා එනකොට වැඩ කර කර හිටපු කොල්ලව..

මේ ඉන්නෙ එයාලු 😂👆

"ම්ම් හරි සර්. ගොඩක් ස්තූතියි"
ආරගෙ සතුට ඉහවහා ගිහින්. මොකද ආරා කවදාවත් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට පොඩි රස්සාවක්වත් ලැබෙයි කියලා..

කෙල්ල coffee shop එකෙන් එලියට ආවේ ඒ සතුට, ඒ හිනාවත් එක්ක. ආරා තනියම පාරෙ හිනා වෙවී යනවා දැක්ක මිනිස්සුත් ආරා දිහා බලලා හිනා වුණා. ඒත් ආරාටනම් ඒ ගැන කිසිම ගානක් නෑ. මොකද ආරා හිටියෙ වෙනම ලෝකෙක..

ජියා වැඩට ගිහින් හිටියේ , මින්ජි university ගිහින් හිටියෙ .. කෙල්ලට coffee shop එකට ගිහින් එන්න වැඩි වෙලාවක් ගියේ නැති නිසා එයා හිටියේ ගෙදර තනියම..

ගෙදර කවුරුත් නැති නිසා කෙල්ල කෙල්ලට හිතෙන දේ හයියෙන් මුලු ගෙදරටම ඇහෙන්න කෑ ගහලා කිව්වා..

"ඇයි දෙයියනේ මම මෙච්චර කල් මම මේ ලෝකෙට වැඩක් නෑ කියලා හිතුවෙ.. මට වාසනාවක් නෑ කියලා හිතුවේ ... ඇත්තටම තමුසෙටනම් පිස්සු ආරා..තමන් ලඟ වාසනව දක්ශකම හැමදේම තියාගෙනනෙ මෙච්චර කල් මෝඩියෙක් වගේ හිටියේ.. ස්තූතියි ජින්.. අනේ එක පාරක් ඔයාව හම්බවෙන්න තියෙනවනම්ම්. ප්ලීස් ආයෙ මාව හම්බවෙන්න එන්න. ඔයාට මම ගැන හැමදේම කියන්න ඕනි.. මටත් ඔයා ගැන දැනගන්න ඕනි.. ඒ වගේම ඔයාට මේ හැමදේකටම ස්තූතියි කරන්න ඕනි.."

ආරා හිනා වෙවී මුලු ගෙදරමදෙවනත් වෙන්න කෑ ගැහුවා 😂😂

-----------------------------------------------------------
          --------------------------------------------

ආරා, ජියයි මින්ජියි එනකන් නොඉවසිල්ලෙන් හිටියෙ එයාට පොඩි රස්සාවක් හම්බවුණා කියන්න..

කෙල්ල ගෙදර එහාට මෙහාට නියපොතුත් හප හපා ඇවිදිනවා..
ආරා එක පාරම බය වුණේ ගෙදර බෙල් එකේ සද්දෙ ඇහිලා..

ආරා දුවගෙන ගිහින් දොර ඇරියා. කෙල්ලො දෙන්නම අන්ද මන්ද වෙලා ආරා දිහා බලන් හිටියේ ආරගෙ හිනාව දැකලා..

"මොකද ඕයි වුණේ"
ජියා ආරාගෙන් ඇහුවේ ගේ ඇතුලට එන ගමන්..

"මුලින්ම දෙන්නම ඉද ගන්නකො. මට දෙයක් කියන්න තියෙනවා"
ආරාට ඉවසිල්ලක් නෑ එයාලට ඒක කියනකන්

"ආ හරි ඉදගත්තා.. දැන් කියන්නකො. මොකද වුණේ අනේ"
මින්ජි ආරාගෙන් ඇහුවෙ මේ මොනවද වෙන්නෙ කියලා දන්නෙ නැතුව

"හරි එහෙනම්.. මට අද coffee shop එකේ රස්සාව හම්බවුණා. ඉතින් මම හෙට ඉදන් වෙන රස්සාවක් හම්බවෙනකන් ඒකෙ වැඩ කරනවා"

ආරාගෙ මූණෙ හිනාව පිරිලා..

මින්ජිටත් ජියාටත් ආරාටත් වඩා සතුටුයි..

"හැමදේම කරගත්තෙ තනියමද නංගි"
ජියා ඇහුවෙ එච්චරයි ..

"මම පොඩි එකෙක්ද අනේ.. මට වයස 23යි 😒 මට දැන් හැමදේම තනියම කරගන්න පුලුවන්"
ආරා ජියාට කිව්වෙ රවන ගමන්

ජියාට ආරා ගැන ඇති වුණේ ලොකු ආඩම්බරයක්. කෙල්ල දැන් වෙනස්.. ඒ වෙනසට ජියා වගේම මින්ජිත් ගොඩක් කැමතියි.. කෙල්ල දැනුයි ජීවත් වෙන්න පටන් ගත්තේ..

"මේ කෙල්ල හැමදාම සතුටින් ඉන්න ඕනි"

ජියාගෙ එකම ප්‍රාර්ථනාව වුණේ ඒක විතරයි.. 😍😍

              *******************

🦋ජින්ශි🦋

Continue Reading

You'll Also Like

4.9K 1.3K 8
හීන පොදියක් ගැටගසා ගෙන පියාඹන්නට දුරක, ඈත අහසේ පාර හෙව්වා සලකුණක් නැති මඟක සුළඟ ආපසු යන්න කිව්වත් මොකුත් නොකියාම වෙනක , ආපු දුරවත් යන්න බෑ දැ...
101K 1.1K 20
Quer saber as melhores fanfics do Now United? Aqui tem as melhores!
6.1K 198 6
Ningguang a business owner, meets Beidou is a spray painter. Her art is beautiful to Ningguang, a normal serious person who thinks about things, acts...
3.6K 81 17
Kinatatakutan. 'Yan Ang madaling salita na pwedeng ilarawan sa Isang nilalang na Hindi na nabubuhay. Multo. 'Yan Ang tawag sa mga nilalang na mga Wa...