𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒...

بواسطة jinshi_0811

24.4K 5K 474

තනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලාය... المزيد

1 කොටස 💜💗
2 කොටස 💜💗
3 කොටස 💜💗
4 කොටස 💜💗
5 කොටස 💜💗
6 කොටස 💜💗
7 කොටස 💜💗
8 කොටස 💜💗
9 කොටස 💜💗
10 කොටස 💜💗
11 කොටස 💜💗
12 කොටස 💜💗
13 කොටස 💜💗
14 කොටස 💜💗
15 කොටස 💜💗
16 කොටස 💜💗
17 කොටස 💜💗
18 කොටස 💜💗
19 කොටස 💜💗
20 කොටස 💜💗
21 කොටස 💜💗
23 කොටස 💜💗
24 කොටස 💜💗
25 කොටස 💜💗
26 කොටස 💜💗
27 කොටස 💜💗 🔞
28 කොටස 💜💗
29 කොටස 💜💗
30 කොටස 💜💗
31 කොටස 💜💗
author note 💜💗
32 කොටස 💜💗
33 කොටස 💜💗
34 කොටස 💜💗
35 කොටස 💜💗
author note 💜💗
36 කොටස 💜💗
අවසානය 💜💗
පසුවදන 💜💗

22 කොටස 💜💗

575 129 14
بواسطة jinshi_0811

දින සති මාස ගනන් ගෙව්නා ආරාත් ජිනුත් කිසි වෙනසක් නැතුව හරි ලස්සනට ආදරය කළා.. එයාලා ගොඩාක් කිට්ටු වුණා. ජින් කොච්චර කාර්‍යබහුල කෙනෙක් වුණත් ආරාගෙ දුකේදි සතුටෙදි ආරා ළඟින්ම හිටියා, ආරා ගැන හොයලා බැලුවා.. ජින්ගෙන් ආරාට ලැබෙන ආරක්ෂාව රැකවරණය , ආදරය ආරාට ලොකු හයියක් වුණා...

ආරා වගේම යූරිත් උගත් කෙල්ලො දෙන්නෙක් වුණත් එයාලාට අලුත් රස්සාවක් හොයා ගන්න බැරි වුණා.. සුපුරුදු විදියට coffee shop එකෙ වැඩ කරත් කෙල්ලො දෙන්නා ගොඩක් මහන්සි වුණා. නම්ජුන් ගොඩ කාලෙක ඉදන් ආරාට වගේම යූරිට රස්සාවක් හොයලා දෙන්න හිතාගෙන හිටියත් වැඩ නිසා නම්ජූන්ට ඒක අමතක වෙලයි තිබුණේ...

Coffee shop එකෙ වැඩ ඉවර වෙලා කෙල්ල හැමදාම ගියේ පාක් එකට... කෙල්ල දවස ඇතුළත ගෙවන ලස්සනම පැය කිහිපය තමයි රෑට ජින් එක්ක ගත කරන පැය කිහිපය. කොච්චර මහන්සි වුණත් කෙල්ල ඒ මහන්සිය ජින්ට හැංගුවා. මොකද ජින් කැමති නෑ කෙල්ලට සීරීමක්වත් වෙනවට..

"යූරි මම ජින් ඔප්පව මීට් වෙලා එන්නම්. ඔයා ගෙදර යන්න"
කොෆී ශොප් එකෙන් එලියට ආපු ආරා යූරිගෙ කරට අතක් දාන ගමන් කිව්වා

"හරි පරිස්සමට ගෙදර එන්න ආරා.. පුළුවන්නම් රෑට කාලා එන්න. බඩගින්නෙ ඉන්න එපා"
යූරි ආරාට කිව්වා

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

යූරි ආරාට යන්න දීලා පයින්ම ගෙදර යන්න පිටත් වුණා. කෙල්ල ආසයි තනියම ඇවිදින්න ... රෑට සෝල් ටවුන් එකේ තනියම ඇවිදිද්දි දැනෙන හැඟීම හරිම වෙනස් එකක්..

කෙල්ල ඔහේ පාරෙ ඇවිදින ගමන් හිටියා.. එක පාරම යූරිගෙ ෆෝන් එක රින් වෙන්න ගත්තා..

"අන්‍යොන් යූරි මිස්"

යූරිට ඇහුනෙ හරි හුරුපුරුදු කටහඬක් ඒත් ඒ කව්ද කියලා එක  පාරම යූරිට මතක් වුණේ නෑ..

"කව්ද මේ"

"මාව අදුරන්නැද්ද?"

"ම්ම්ම් නෑනෙ"

"මම තමයි kim namjoon .. "

යූරිට උන්හිටි තැන් අමතක වුණා.

"කොහොමද දෙයියනෙ මට මෙයාගෙ කටහඬ අමතක වුණේ 😫"
යූරි එහෙම තමන්ටම කියාගෙන ඔලුවට ටොක්කක් ඇන ගත්තා..

"කොහෙද ඉන්නෙ යූරි මිස්. අපි ටිකක් කතා කරමුද"
නම්ජූන් හිනා වෙවී යූරිගෙන් ඇහුවා..

"ඒ මොකටද"
යූරි සුපුරුදු විදියට බොරු ආඩම්බරකම පෙන්නන්න ගත්තා..

"ම්ම්ම් මට පාළුයි. හරි ඔයාට කතා කරන්න බැරිනම් එහෙම නොකර ඉමු"
නම්ජූන් කිව්වා.

"නෑ නෑ කතා කරමු. එන්න ටවුන් එකට මාව ගන්න. "
යූරි එහෙම කියලා ෆෝන් එක බෑග් එකට දා ගත්තා...

ටික වෙලාවකින් නම්ජූන් එතනට ආවා.. ආරාට වගේ යූරිට තමන්ගෙ හැඟීම් හංගන්න අමාරුයි. එයා එහෙම හංගනවනම් ඒක ඕනිවටත් වඩා අනිත් අයට පේනවා. ඒ නිසා කෙල්ලගෙ මහන්සිය නම්ජූන් කෙල්ලව දැක්ක ගමන්ම දැක්කා.. මූණ ගොඩක් මළානික වෙලා නිසා නම්ජූන්ට යූරි ගැන අනුකම්පා හිතුනා..

"ආ යූරි මිස්"

"ඇයි මොකද.. ආ ඒක නෙවෙයි මට මිස් කියන්න එපා"
යූරි නම්ජූන්ට ඔරව ඔරව කිව්වා. කෙල්ල කොච්චර කෑ ගැහුවත් ඒ කරන්නෙ තනිකරම බොරුවක් කියලා නම්ජූන් දැනගෙන හිටියා😂

"යූරි ඔයා ප්‍රශ්නෙකද ඉන්නෙ.. ඇයි මළානික වෙලා වගෙ. අසනීපයක්ද ඔයාට"

"ම්ම් නෑ ඔප්පා අද කොෆි ශොප් එකෙ වැඩ වැඩී.. මම වැඩ අඩුවෙන් කරලත් මගෙ ඇඟට පණ නෑ වගෙ.. පව් අර ආරා මම වගෙ දෙගුණයක් විතර වැඩ කරලත් ජින් ඔප්පව බලන්න ගියා..."

යූරි එහෙම කිව්වම තමයි නම්ජූන්ට යූරිගෙයි ආරාගෙයි රස්සාව ගැන ප්‍රශ්නෙ මතක් වුණේ.. කොල්ලට කොල්ලා ගැනම තරහයි ඒ දේ අමතක වුණ නිසා..

"යූරි ඇත්තටම මට සමාවෙන්න මම දන්නෑ ඔයාලට ගොඩක් වැඩ කියලා. මට අද ඔයාව මතක් වුණ නිසයි ඔයාව දකින්න ඕනි වුණෙ.මම ඔයාව ගේ ළඟින් ඩ්‍රොප් කරන්නම් අපි යන්"

නම්ජූන් එහෙම කිව්වම එදා වෙනකන් නම්ජූන්ගෙ ඇස් දිහා නොබලපු යූරි කෙලින්ම බැලුවෙ නම්ජූන්ගෙ ඇස් දිහා. කොල්ලා කිසි ගානක් නැතිව වාහනෙ ඩ්‍රයිව් කරනවා. ඒත් කොල්ලා කියපු වචන ටික කෙල්ලට තදින්ම දැනුනා..

යූරි හිතන් හිටියේ idolලා කියන්නෙ හරිම සෙල්ලක්කාර ජාතියක් කියලා. යූරි එදා වෙනකන් BTS ගැන හිතුවෙත් එහෙම . අඩුමගානෙ යූරිට ජින් ගැනවත් ලොකු විශ්වාසයක් තිබ්බෙ නෑ. ඒත් එයාලා හොඳ කොල්ලො ටිකක් කියලා යූරිට තේරුනා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ආරා පාක් එක ළඟට ගියෙ ජින්ව දකින්න ඉවසිල්ලක් නැතුව. මොකද කෙල්ල ජින්ව දකින්නෙ හරියටම දවස් තුනකට පස්සෙ. ආරා එතනට යද්දි ජින් එතනට කලින්ම ඇවිත් තිබ්බා.

ආරාව දැක්ක ජින් ආරාගෙ අතින් ඇදලා ආරාව පපුවට තුරුල් කරගත්තා..

"දවස් තුනක් මගෙ මැණිකව දකින්නෙ නැතුව මම ගොඩක් දුකින් හිටියෙ"

ජින්ගෙ පපුවට තුරුල් වෙලා ඉන්න ආරාට ජින් කිව්වා..

"ම්ම්ම් මමත්"
ආරා ජින්ගෙ ඇස් දිහා බලාගෙන කිව්වා..

පැයක් ,දෙකක්, තුනක් නෑ පැය 4ක් එයාලා කතා කරා. දෙන්නට දෙන්නව දාලා යන්න දෙන්නම ලෝබයි. අතින් අල්ලන් හැමදේම කතා කරා. ජින්ගෙ වැඩවලට ආරා හැම අතින්ම උදව් කරා. කොල්ලට කවදාවත් දුකින් ඉන්න දුන්නෑ....
සමහරු කියනවනෙ බැනගෙන මරාගන්න තැන තමයි ආදරෙ තියෙන්නෙ කියලා. ඒත් ආරා කවදාවත් ජින්ට සැරෙන් වචනයක්වත් කතා කරලා තිබ්බෙ නෑ. කොල්ලගෙ වැරැද්දකදි කොල්ලට හරි දේ කොල්ලට දැනෙන විදියට පැහැදිලි කරා මිසක්..

"ඔප්පා මම යන්නම් දැන්. ඔයත් ගිහින් නිදා ගන්න හොඳට"
ආරා ජින්ගෙ කම්මුල අත ගාන ගමන් කිව්වා

"ම්ම්ම් හරි මම ඔයාව ගේ ළගින් ඩ්‍රොප් කරන්නම්"

ජින් එහෙම කියලා ආරාව ඇදලා ගත්තෙ ජින්ගෙ තොල් ළඟට. එයාලා එහෙම කොච්චර වෙලා ඉන්න ඇතිද කියන්න ඒ දෙන්නවත් දන්නෙ නැතුව ඇති.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

නම්ජූන් යූරිව ගේ ලඟින් දාලා කෙලින්ම ගියෙ ඩ්‍රොම් එකට. ඒ වෙද්දි ජින් ඇවිත් හිටියෙ නෑ. නම්ජූන්ට ඕනි වුණේ ජින්ටත් නොකියා අනිත් කොල්ලො පස් දෙනා එක්කත් කතා කරලා එයාලගෙ company එකේ රස්සාවක් අරන් දෙන්න .. ඒ වෙද්දි tae, jimin, suga, j hope, jk හැමෝම ආරා එක්ක ගොඩක් එකතු වෙලා හිටියෙ. එයාලා ආරාට සැලකුවෙ තමන්ගෙම නංගි කෙනෙක් විදිහට...

"යූන්ගියා අපි හැමෝම ටිකක් කතා කරන්න ඕනි ජින් හියුන් එන්න කලින්"

ඒක ඇහුන ගමන්ම තම තමන්ගෙ වැඩවල හිටිපු කොල්ලො පස් දෙනා නම්ජූන් ළඟට ඇවිත් ඉද ගත්‍තා

"මොකක්ද නම්ජුනා. ජින් හියුන්ට ප්‍රශ්නයක්ද?"

මේ මොනාද වෙන්නෙ කියලා දන්නැති හොබී නම්ජූන්ගෙන් ඇහුවා..

"ආරා ගැන මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑනෙ. ආරාගෙ යාලුවා යූරිවත් ඔයා දන්නවනේ. ඒ කෙල්ලො දෙන්නා අර කොෆි ශොප් එකේ හරියට මහන්සි වෙනවා. ආරානම් යූරිටත් වඩා වැඩ කරනවලු ඒත් එයා ඒ මහන්සිය කාටවත් පෙන්නන්නෑ ඒත් මම යූරිගෙ මූණෙන් දැක්කා ඒ මහන්සිය. අපි හෙටම company එකේ vacancy බලලා එයාලට ජොබ් දෙකක් හොයලා දෙමු. පුළුවන් ඉක්මනට "

නම්ජූන් කෙටියෙන් සහ පැහැදිලිව කොල්ලො 5 දෙනාට කිව්වා..

"හරි හියුන් මම mr.park ට හෙට කතා කරන්නම්. එයා අනිවාර්යයෙන් මේ වැඩේ කරලා දෙයි"
ජිමින් නම්ජූන්ට කිව්වා..

"ආ තව දෙයක් ජින් හියුන්ට මේ මුකුත් දැනගන්න ඉඩ තියන්න එපා. අපි පොඩ්ඩක් එයාව surprise කරමු"

නම්ජූන් හිනා වෙවී කිව්වා...

"වාව් අන්න අයිඩියා එක. අපි එහෙම කරමු. දැන් ගිහින් නිදා ගමු ... හැමෝම 8 වෙද්දි ඇහැරෙන්න ඕනි.. එහෙනම් හැමෝටම good night "

සුගා එහෙම කියලා එයාගෙ කාමරේට ගියා. අනිත් කොල්ලො ටිකත් තමන්ගෙ වැඩ ඉවර කරලා නිදා ගත්තා..

😈ජින්ෂි😈

واصل القراءة

ستعجبك أيضاً

PEGASUS || JM || Completed بواسطة Lillian

الخيال (فانتازيا)

10.3K 2.6K 29
වලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්න චන්ද්‍ර කුමරුනේ කාටද නුඹගෙ ආදරේ අසාවී මෙසේ තුන්යම ...
642K 32.3K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
35.3K 329 30
'There's Lorelai Starling, she's a kook but at heart she'll always be a Pouge. She got pregnant when she was 15. She says she doesn't know who the da...
4.9K 1.3K 8
හීන පොදියක් ගැටගසා ගෙන පියාඹන්නට දුරක, ඈත අහසේ පාර හෙව්වා සලකුණක් නැති මඟක සුළඟ ආපසු යන්න කිව්වත් මොකුත් නොකියාම වෙනක , ආපු දුරවත් යන්න බෑ දැ...