පාඩම් කරනවා කියලා ඔය හැටි කලෑකිද.. එක දිගට පැය 6ක් පාඩම් කලාට පස්සේ මම මගෙ ඉස්සරහ තිබුන කෙමෙස්ට්‍රි පොත් දෙකයි ලැප් එකයි සේරම වහලා දාලා ඉදගෙන හිටිය පුටුවෙ ඇන්දට හේත්තු වුනා.. අතපයත් එක්ක හිරිවැටිලද මන්දා.. ඔලුවත් කකියනවා..
උදේ එක්කන් ආවා, ආවා මයි මේ මිනිහා මාව එහෙම් පිටින්ම අමතක කරලා ගිහින් එයාගෙ වැඩ.. අඩු තරමේ මම ඉන්නවද මැරිලද වත් බැලුවද.. හහ්! ඔය දැනුත් ඉන්නෙ.. ෆයිල් වගයක් අස්සෙ ඔලුව ඔබාගෙන.. එවුනාට මම නම් කියන්නේ.. මමත් ගනන් ගන්න හොද නෑ මිනියව.
එක්කො අප්පච්චිට කෝල් කරලා කියන්න ද අප්පච්චිගෙ සුදු මහත්තයා සුතුපුතාව ගනන් ගන්නෙ නෑ කියලා..
ගෙදර ගිහින් රෑ වෙලා කියන්නෝනි.. නැත්තන් දැන් වැඩනෙ.. දෙන්නම පව්නෙ.. අනවස්‍ය පස්න ඔලුවට දාන්න හොද නෑනෙ..
"බබී එන්න අපි යන්..."
මම ඉදන් උන්නු තැනින් නැගිටින ගමන් මගේ කකුල් දෙක ලඟ ඔලුව තියාගෙන කම්මැලි කමේ ඈනුම් යව යව හිටිය ශෙල්බියගෙ පටියගෙන් අල්ලගෙන එයාවත් නැගිට්ටවගත්තා.. මෙහෙ වටපිටාව ලස්සනයි නෙ.. ටිකක් ඇවිදින්නෝනි..
"බබා කොහෙද ඔය යන්නේ"
මම නැගිට්ටා කියලා දැකපු සුදු අයියා එක තප්පරේකට එයාගෙ අවදානෙ ෆයිල් එකෙන් අහකට ගත්තා... මම දත් සේරම පේන්න හිනාවුනා.. දැන් වෙලාව හවස 3ත් පහුවෙලා...
"ටිකක් ඇවිදලා එන්නම් මෙයා එක්ක.."
"ඇයි ඒ.. කම්මැලියිද.. කන්න දෙයක් ගෙන්නලා දෙන්නද.. මම ටිකක් බිසී මැනික.."
සුදු අයියගෙ මූනේ ඇදිලා තිබුන කාර්‍යබහුල බවත් එක්කම මම ගැන වද වෙන පෙනුම නිසාම මම එයාට පුන්චි හිනාවක් දුන්නා...
"ඒකට කමක් නෑ.. අනික තව්සෙ හදන්නෙ මාව එක දවසින් කවලා මරන්නද.. එක්කන් ආව වෙලාවෙ ඉදන් කාපුවට දැන් මාස හතරක විතර බඩක් තියේ මට.."
මුලින් හිනාවුනත් මම පස්සෙ රවාගත්තා.. රවාගෙන ටීශර්ට් එකත් උස්සලාම දැන් බේබි නෙවෙයි කෑම බම්ප් එකක් තියෙන මගෙ බඩ අර මෝඩ මිනියට පෙන්නුවා.. ඇයි වදේ! ඇත්තනෙ.. ආව වෙලාවෙ ඉදන් බැලුවෙ නෑ කිව්වට මේ මිනියා මට කැව්වා. පැය බාගෙන් බාගෙට කිචන් එකට කෝල් කරලා හොටෙල් එකේම තියෙන කෑම ගෙනත් කව්වලා දැන් මට ඉස්මුරුත්තාවට වගේ..
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....