•දහවන දිගහැරුම•

2.1K 396 124
                                    

මම හිටියේ ට්‍රේන් එකේ.. කොහෙන්වත් අල්ලගන්නවත් බැරුව හිටියත් හතරවටෙන්ම පැක් වෙලා නිසා ඉන්න තැනින් දශමයක් හෙල්ලෙන්නෙ නැතුව හිටපු මම මගෙ හුස්ම ටික අල්ලන් ආවෙත් හෙන අමාරුවෙන් වෙනකොට මටත් වඩා අඩියක් කොට එයාත් මගෙ පපුවටම හේත්තු වෙලා මගෙ ලඟම හිටගෙන හිටියා..

ආදරේ කරන කෙනාගේ පණ්ඩිත කමටයි අලි ඔලුවටයි බැනපු එයාට මං උත්තරයක් දෙන්න කලින්ම ට්‍රේන් එකක් අනවුස්මන්ට් එකක් වත් නැතුවම ඇවිත් මරදානෙ නවත්තද්දිත් තව සෙනඟට නගින්න ඉඩක් නැති තරමට කොටුවෙන්ම ඒක පිරිලා තිබුනා.

නවත්තපු ට්‍රේන් එක නිසා මටයි එයාටයි ඒ කතාව මගෑරුනා.. ෆුඩ්බෝඩ් වල ගිහින් කොලුකාර කම පෙන්නන්න කොහෙත්ම උවමනාවක් නොතිබුන මම සෙනඟ අස්සෙන් එයාවත් තල්ලු කරන් ට්‍රේන් එක ඇතුලට කොහොමහරි රිංගගත්තා. අපිට පිටිපස්සෙනුත් තව නගින්න බර ගානක් සෙනඟ හිටපු නිසා අපිව කොහොමත් ඇතුලටම තල්ලු වෙලා යද්දි අන්තිමට හුස්මක් කටක් ගන්න ඉඩක් නැතුවම අපි දෙන්නා සෙනඟ ගොඩක් අස්සේ හිර වෙලා හිටියා..

ඒ මොක උනත් මට වඩා අඩියක්ම කොට මේ පුන්චි හිකනල් පැටියා මේ මහිම හසරැල් දේවනාරායනට පණ්ඩිතයා කියල මූනටම අපහාස කලා...

හරි පුතේ උඹ මගෙනේ ලොකුකම කිව්වේ.. වරෙන්කෝ... වරෙන්කෝ දවසක ඇයියේ මං උයාට ආතරෙයි ගාගෙන.. මං හරියටම ලොකුකම පෙන්නන්න එදාට.. දන්නෑ මේ හසරැල්ගේ හැටි තව..හුහ්!!!! ඉස්ගෙඩි පැටියා..

කොහොම හරි මරදාන ඉදන් දෙමටගොඩට පයින් ආවත් එන්න තරම් වෙලාවක් ට්‍රේන් එක බඩගෑවා.. දෙමටගොඩත් අනිවාර්යයෙන් ඇති මිනිස්සු අම්බානක්.. තව ඉතින් මේකට නගින්න තියෙන්නේ වහලෙට තමා..
ඇත්තටම මේ මිනිස්සු විදින්නේ එසේ මෙසේ දුකක් නෙවෙයි..

අපි විනාඩි 20ක් විතරම ආවා.. පැය ගානකින් ආව පලවෙනි ට්‍රේන් එක නිසා ඒක හැමතැනම නැවැත්තුවා. ස්ලෝව් ට්‍රේන් එකක් ගම්පහට යන්න අඩුම පැයක් වත් ගියත් මේ යන යෑමට අද නම් පැය එකහමාරක් වත් යයි කියල හිත හිත හිටපු මගේ ඇස්, ඇස් මට්ටමෙන් පහලට හැරුනේ මෙච්චර පැක් වෙලා ඉන්න අස්සේ කවුරු හරි දඟලනවා දැනිලා..

වස්සාන හාදු || The Rainy KissesTempat cerita menjadi hidup. Temukan sekarang