•විසිඅටවන දිගහැරුම•

2.2K 408 239
                                    

"අනේ අම්මාආආආ යන්නකො අප්පාආආආ"

කෑගැහුව එයා ආයෙම ෆෝන් එක පැත්තට මූන හැරෙව්වෙත් රවාගෙන. මට නෙවෙයි. එයාගෙ අම්මට.. හොඳයි! ඇත්තටම මට ඒ වෙලාවෙ තමයි හිතුනේ, කවුරු හරි එයාට කියන්නම ඕනි එයා රවනකොට කොච්චර නම් හුරතල් ද කියන එක ගැන. මොකද නැත්තම් පාරකදි මේ දාංගලේ කාට හරි රැව්වොත් දෙකක් නෑ ආයෙ පූස් පැටියෙක් කියන්න රැවටිලා ගෙදර උස්සන් යනවා.

සයුරුව ගෙදර ඇතුලෙම හදලා තියෙන එක ගැන, සමාජෙට හුරු කරවලා නැති එක ගැන මුලින් මුලින් එයාගෙ අම්මා තාත්තාට දොස් කිව්ව මම දැන් වෙනකොට හිටියේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් මතයක වෙනකොට මං ඒ දෙන්නට ස්තූතිවන්ත වුනා. මේ හොරගෙඩියව ගේ ඇතුලේම හැදුව එකට. මොකද සයුරු කියන්නේ අයිසින් කේක් එකක් වගේ.. ඇගිල්ලක් හරි වැදුනොත් සම්පූර්ණයෙන්ම මුලු නිර්මාණෙම විනාස වෙන්න පුලුවන් තරම් සයුරුට තිබුනේ මෘදු චරිතයක්.

ඒ කොහොම උනත් එයාගේ අම්මා කරලා ගිය විහිලුවට මේ හිකනල් පැටියා දැන් රව රවා ඉන්නෙ මට! ඉතින්,

"මොකද රවන්නේ ම්ම්"

කලින් තිබුනු විහිලු ගතිය හිතලම නැති කරගත්තු මම ටිකක් සීරියස් විදියට කතා කලා. හැබැයි කොල්ලා නෙවෙයි රැවිල්ල අඩු කලේ..

"කවුද ඔයාට රැව්වේ..?" මට රව රවම කවුද මට රැව්වේ අහන එයා කලේ ඊලඟට එයාගෙ අම්මා ගෙනත් තියලා ගිය කිරි මග් එක අතට ගන්න එක වෙනකොට මං කටකොනින් හිනාවුනා.. හිනාවෙන ගමන්ම,

"ඔය රවන්නේ එහෙනම් වෙන කාටද ?"

"ඒ අම්මට... ඔයා අම්මා නෙවෙයි නෙ.." ආයෙම බුම්මගත්තා. අම්මා එක්ක තරහා වුනාට මොකද අම්මා ගෙනාපු කිරි එක එක්ක තරහා වෙන්න හිතක් නැති වුන කොල්ලා කලේ ෆෝන් එක කොහාට හරි හේත්තු කරලා මට පේන විදියට ඉදගන්න එක. ඊලඟට එයා කිරි මග් එකත් ෆෝන් එකට පේන විදියට හේත්තු කරන ගමන් අතට ගත්තේ බිස්කට් දාපු ප්ලේට් එකක්.

"ඔය අතේ තියන් ඉන්න එක කන්නේ නැද්ද"

එයා අහනවා. අහන ගමන් ටිකිරි මාරි බිස්කට් වලින් 5ක් එකපාර අතට ගත්තු එයා ඒක ප්ලේට් එකේම තියලා ඔක්කොම එකට ගානට හිටින විදියට හදාගන්නවා මං බලන් උන්නා. ඊලගට අනිවාර්යයෙන් ඕක කිරි එකේ ඔබයි. මං හරි!! එයා මං බලාගෙන ඉන්නවා කියල ගානක් වත් නැතුවම ටිකිරි මාරි 5ක්ම එකපාර කිරි එකට දාලා ටිකක් පෙගෙන්න ඒකේ ඔබාගෙන හිටියා. ආයෙම අරන් ලොකු කෑල්ලක් කඩාගෙන කාපු සයුරු ඉතුරු බිස්කට් පහේ බාගේ මගේ දිහාවට දික් කලත් මං මුකුත් කියන්න කලින් ආයෙම ආපස්සට ඇදගත්තා. හැබැයි ඒ කම්මුල් නම් ආයෙම රතු වෙලා.

වස්සාන හාදු || The Rainy KissesTempat cerita menjadi hidup. Temukan sekarang