•එකොලොස්වන දිගහැරුම•

2.5K 396 244
                                    

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා

.

.

.

"සුදු මහත්තයා............"

මාව ගැස්සිලා ගියා.. කුස්සියේ ඉදන් බෙරිහන් තියපු අපේ මන්දෝදරී මැණිකෙගෙ මිණිකිංකිනි කටහඬට ගැස්සුන, ෆෝන් එක ඔබන ගමන් කකුල් දෙකත් හොලව හොලව සාලේ සෙටියට වෙලා හාන්සි වෙලා හිටපු මම තව ඩිංගෙන් බිම!

යකෝ පන්සලේ ඝන්ඨාරෙ හොඳයිනේ තව...

"ඕ අපේ මැණිකේ... සුදු මහත්තයා අහගෙන ඉන්නේ"

"මේ කඩේට ගිගින් සීනි කිලෝ එකකුයි පපඩම් දෙසියපනහකුයි අරන් එන්න මහත්තයෝ"

මං කියන්නේ මං කියන්නේ... බොරුද.. ගෑනු චපලයි.. ආදරේ වෑස්සෙනවා නම් මොකක් හරි වැඩක් කරවගන්න තමයි. කට පුරා සුදු මහත්තයෝ ගානකොට උඹට තව ටිකක් හිතන්න තිබුනා හසරැල්.

අම්මගේ ඇමතුමට පිපිච්ව පපඩමක් වගේ හිනාවෙලා ආපිට උත්තර දුන්න මගෙ මූන අම්මා කඩේ යන්න කිව්වා විතරයි වේලුනු මුද්දරප්පලමක් වගේ මැලවිලා ගියා..

"ආ තව පස්පංගුව පැකට් එකකුයි සමහන් පැකට් දෙක තුනකුත් ගේන්න පුතා.. ගෙදර ආව වෙලාවේ ඉදන් උඩට ඇද ඇදනේ ඉන්නේ පස්පංගුව එකක් තම්බලා බොමු.."

අම්මා ආවේ කුස්සියෙ ඉදන්.. කතා කරගෙනම ආව අම්මා මගේ ලඟට ඇවිත් අතට රුපියල් දාහක් ගුලි කරලා ගේන්න ඕනි දේවල් කියද්දි මගේ කට ඇඹුල් වෙලා ගියා.. මොකක් වත් නිසා නෙවෙයි කම්මැලි කමට.. දැන් කඩේ යන්න පුලුවන් ද අප්පා..

"අනේ අම්මා....."

මං ලෑස්ති උනේ බෑ කියන්න උනත්,

"මොකෝ උඹ හැඤේ අම්මා ගාන්නේ.. ගිහින් වරෙන් කඩේ.. අරෙහෙ සිරියා නැන්දා පුන්චි මහත්තයට සෙම ගතිය කිය කිය වතුර මුට්ටියක් උනු කරනවා දුම් අල්ලන්න.. උඹ මෙතන ඉදන් කොයි වෙලේ බැලුවත් ඔය ලබ්බ උඩට තල්ලු කරනවා පහලට තල්ලු කරනවා.. වෙලාවක උඹේ ඇගිලිත් ගෙවිලා යනවා ඔය උඩැක්කිය හින්දා.. මෙතන ඒලෙවල් ලියන්න ඉන්න ඉලන්දාරියෙක් වෙලා යසට පුටුවට වෙලා වන වන ෆෝන් එක ඔබන්න පුලුවන් අම්මා මොකක් හරි වැඩක් කිව්වොත් තමා උබලා ඔක්කොගෙම අතපය කොර වෙන්නේ..."

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now