•සත්වන දිගහැරුම•

2.2K 368 445
                                    

ජලය ජීවයේ පදනමයි.. අනේ කැටයම්නේ. නෑ මං කියන්නෙ ඉතින්,, දැන් ජලය විතරක් තිබ්බම ඇතිද..  ඔය මොන ලබ්බ තිබ්බත් වැඩක් නැනෙ, අහ්ම් අහ්ම්... ඒවා නැතුව. නේද මං කියන්නේ?

එව්වා නැත්තම් මේ හසරැලුත් අද මෙතන නෑනෙ..

හරි එව්වා තිබ්බත් වතුර නැත්තම් හසරැල් මෙතන නෑ තමයි.. එවුනාට ඒක මෙතනට අදාල දෙයක් නෙවෙයිනෙ!

දැන් බලන්ඩ ඔය පරිණාමවාදය ම මොන බොරුවක්ද.. මං කියන්නේ ඩාවින් අන්කල් නැතුව මං ඕක හොයාගත්තා නම් ඔයිට වඩා දෙයක් කරන්න තිබුනා..  කොහෙද ඉතින් පොර ඉස්සර උනානෙ මට කලින්. ලෝකයාගේ අවාසනාව තමයි.  එහෙම උනා නම් එහෙම අද ඔයාලා ඉගෙනගන්නේ නව-ඩාවින්වාදය නෙවෙයි හසරැල්වාදය..

ගැම්මක් තමා මං දන්නවා!!

හරි පිට පැන්නා.. අපි කොහෙද හිටියේ.. ජලය ජීවයේ පදනම කිය කිය නේද ??

ඉතින් කොහොමහරි මම කෘත්‍යවලට අදාල ජලයේ ගුණ කියන එක යටින් තියෙන හයිලයිට් කරපුවා උඩින් උඩින් බලාගෙන ඇවිත් ඊලග පිටුව පෙරලුවා. තාම පටන් ගත්ත මුල නිසා පුලුවන් සෙල්ලම් ඔක්කොම දායි.. එවුනාට ඉතින් අපේ කාලෙට එනකොට සේරම නිල් පෑනෙන් තමයි පුතේ..

පොතත් බල බල මං හිමින් හිමින් තට්ටු 3ක්ම නැගලා අවසානෙ සරණාගත තට්ටුවෙත් බාගයක්ම නැග්ගා..

"අයියේ"

ඔන්න ඇවිත්.. මං මෙච්චර වෙලා බලාපොරොත්තු උන කටහඩ ඇහුන ගමන් මං නැවතුනා. හැබැයි හැරුනෙ නෑ.. මුකුත් කිව්වෙත් නෑ.

"අයියෙ පොත දෙන්නකෝ"

ටිකක් පහල ඉදන්ම කතා කරපු එයා හති දදා ඉතුරු ටිකත් නැගගෙන එනවා මට ඇහුනා. දුවලද කොහෙද මහන්සි. මොනවා කලාද දන්නෑ මෙච්චර වෙලා පහලට වෙලා.. අනේ මට මොකද.. ඕනි ලබ්බක්..

"බෑ"

මං ආපිට හැරුනු ගමන් පොල්ලෙන් ගහන්න වගේ කිව්වම එයා ගැස්සුනා. ගැස්සිලා ඉක්මනට බිම බලාගත්තා. අනේ මන්දා. මං ලඟ ඉන්න හැමවෙලාවකම එයා බිම බලනවා. ඇස් දෙක මගාරිනවා.

"අයියේ දෙන්නකෝ මට පරක්කු වෙනවා"

මූ යකෝ.. පරක්කුත් වෙනවලු. මොකෝ රට අල්ලන්න යන්නද. හිතුනොත් දෙන්නෙම නෑ මම. දන්නෑ මේ හසරැල්ගෙ හැටි.

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now