•තිස් පස්වන දිගහැරුම•

2.2K 421 289
                                    

එතනින් එහාට එක වචනයක් වත් අහන්න මට ඕනි කමක් තිබුනේ නෑ.. ඔලුවට හෙන ගෙඩි හතක් පාත් වුනා වගේ මහ කාලකණ්ණි හැඟීමක් හිතට දැනෙනකොට මගෙ හිතට ආව එකම දේ අර පාහරයා මගේ කොල්ලට අතක් හරි තියලා තිබුනොත් ඌව එතනම මරනවා කියන එක විතරක් වුනා.

මේන්හෝල් එක පිටිපස්සට මං ආවේ කකුල් දෙකෙන්ද නැත්තම් ඉගිල්ලිලාද කියන්නවත් සිහියක් මට තිබුනෙ නෑ. මේන්හෝල් එක පිටිපස්සෙ තියෙන අතෑරලා දාපු මියුසික් රූම් එක ලඟ කොහොමත් මහ මූසල ගතියක් රැඳිලා තිබුනා වුනත් අද මට ඒක දැනුනේ තව දාස් ගුණයකින් වැඩි වෙලා වගේ.. අඳුරුයි.. අතෑරලා දාලා තියෙන තැනක් නිසා පරණ ඩෙස් පුටු කඩබ් ගොඩ ගහලා එතන සෑහෙන්න අඳුරුයි.

මට වැඩක් නෑ.. ඇතුලට යන තැනම හරහට දාලා තිබුන යකඩ පුටුවට පයින් ගහලා අහක් කරපු මම වටේම ඇස් අරන් ගියත් දූවිලි ගොඩවල් පරණ බඩු ඇරුනම වෙන මොකෙක් වත් මගේ ඇස් වලට නොපෙනෙන තැන අත් දෙකෙන්ම කොන්ඩේ ඇදගත්ත මම ඊලඟ තප්පරේ එක අතකින් කට වහගන්න ගමන් ආයෙම ඇස් පේන මානේ පුරාවට අරන් ගියත් තාමත් මොන ලබ්බක් වත් පේන්න නෑ..

කොහෙද හුත්තෝ තෝ මගේ අහිංසකයා අරන් ගියේ.. බාවනවා අද මම හුකන්නගෙ කෙස් ගහේ ඉදන්.

මං හැදුවේ ඩාන්සින් රූම් එකෙන් එලියට ගිහින් මේන්හෝල් එකේ බැල්කනි එකට යන පඩිපෙල යට බලන්න යන්න... හැබැයි, ආපිට හැරුනු මට අඩියක් වත් ඉස්සරහට තියන්න උනේ නෑ..

පරණ කබඩ් එකක් පිටිපස්සෙන් ඇහෙන නෑහෙන ගානට ඇහුන ඉකිගැහිල්ල යන්න ගිය මාව එතනම නවත්තගන්නකොට එක තප්පරයක් ගල් ගැහුනු මම ඩෙස් පුටු පෙරලගෙනම ඒ කබඩ් එක පිටිපස්සට ගියත්,

ඒ දැක්ක දෙයින් මාව ගැහෙන්න ගත්තා..

සයුරු හිටියේ බිත්තියටයි අර තිරිසනාගෙ ඇගටයි හිරවෙලා වෙනකොට එක අතකින් සයුරුගේ අත් දෙකම උඩට කරලා අල්ලගෙන උන්න මිගාර අනිත් අතින් මගේ කොල්ලගේ කට දෙපැත්ත තද කරලා අල්ලගෙන ඒ මූනට ලං වෙලා හිටියා.. බෝල ඇස් දෙක කඳුලු ගලලා ගලලම ඉදිමිලා. ඉකිගගහා උන්න සයුරු මිගාරගෙන් බේරෙන්න දඟලන අතරෙම ඒ මූන දෙපැත්තට හැරෙව්වේ අරූගෙන් බේරෙන්න වුනා. හැබැයි ඌ හැදුවේ මං උදේ හරි පරිස්සමෙන් මගේ කරගත්ත තොල් දෙක ඉඹින්න කියල තේරුන වෙලාවේ මට දැනුන හැඟීම මේකයි කියලා කියන්න මට තෙරුමක් නැති උනත් මගෙ මුලු ඇගම රත් වෙලා තිබුනා. මිටිවුන අත් දෙක වෙව්ලනකොට මං අන්තිමට දැකපු දේ වුනේ දඟලන මගෙ කොල්ලට කනේ පාරක් ගහන්න ඉස්සුන මිගාරගේ අත විතරයි.

වස්සාන හාදු || The Rainy KissesWo Geschichten leben. Entdecke jetzt