"අඩෝ අඩෝ අන්න බස් එක"
ඉස්කෝලෙ ගේට්ටුවෙන් දෙයියනේ කියල එලියට පැනගෙන අඩි දෙකයි එන්න උනේ මගේ එහා පැත්තෙන් ඇවිදගෙන ආව අකේනයා බෙල්ල මිරිකපු කිකිලි වගේ බෙරිහන් තියන්න ගත්තා.
පොල් බූරුවා.... යකෝ කෑගහනකොට උනත් ටිකක් හිමින් කෑගහන්න බැයිද.. මේ කුලුමීමා නිසා තව පොඩ්ඩෙන් පේමන්ට් එකේ අල්ලලා තිබ්බ කැටේකට සපත්තුවෙ බෝට්ටු කොන ඇනගෙන මං මෙතන පාර මැද භූමි වන්දනාව කරනවා.. හතර විලිලැජ්ජාවයි.
වැඩ දන්න හන්දා හොදයි ඉතින් අපි. කොහොම හරි නූලෙන් නොවැටි බේරුන මම මූන උස්සලා ඉස්සරහ බලද්දි අර කිව්වත් වගේ හැත්තැයහක් යනවා පිඹගෙන.
අනේ ඕකාගෙ රෝද හතරෙම,, ආ නෑ නෑ හයේම හුලං පල...
අපි ඉතින් ඉස්කෝලෙන් එලියට ඇවිත් බොරැල්ලෙ හන්දියේ කලර් ලයිට් එකට කලින් කලර් ලයිට් එක ගාවින් ගොඩක් වෙලාවට එකසිය හැත්තැහයක එල්ලෙනවා. නැත්තම් බොරැල්ලෙ හන්දියටම පයින් යන්න එපෑ.
කොහෙද ඉතින් ආපු මූලක්ගිනි කාරයා කෙලගෙන ගියානෙ.. මෙතනින් පිබගෙන ගියාට ඕකා අතන කලර් ලයිට් එකට නවත්තන් ඉන්නවා රෝද පොලොවට හයිවෙනකන්ම. එවුනාට මෙතනින් යන්න මුන්ට හෙන අමාරුවක් තියෙන්නේ.
මං දැන් මෙතන බස් එකේ පලු ඇරියට ඉතින් කලර් ලයිට් එක ගාව හෝල්ට් එකක් නෑ.. එවුනාට මනුස්සකම තියෙන්නෙ එපෑ මං කියන්නේ. මේ දහසක් වැඩ කරලා මහන්සියෙන් ඉගෙනගෙන එන රටේ අනාගතේ ගොඩගන්න ඉන්න මල් කැකුලු ටිකක් එනවා දකිද්දි හිත උනු වෙන්නෙ නැත්තෙ කාගෙත නේත !!
අපේ එකී ඕකේ ගියාද දන්නෑ.. සමහරවිට යන්න ඇති. උන් නගින්නේ අපිට කලින් හෝල්ට් එකෙන්නෙ. මං සේප් එකේ අතේ බැදගෙන ඉන්න පත මූනක් තියෙන ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.. 1.35යි. ආ එහෙනම් ගිහින් නෑ.. සාමාන්‍යයෙන් ඉස්කෝලයක් 1.30ට ඇරියට ඕකුන්ට ඉස්කෝලෙ අරින්නේ 1.40ට.
අනේ කැටයම්.. දැන් එයි නම්කිලා ටික ඇම්බැක්කෙත් නැති කැටයම් පෙන්න පෙන්න ඊලග බස් එකේ. දැන් ඉතින් අපි ඕවා බලන්නත් එපෑ. සැක් අර බස් එකට නැගගන්න බැරි උනානෙ.. හෙන ගහන්න ඕනි ප- කුනාරප ඕන් නෑ.. හෙන ගහන්න ඕනි මූසලයට.
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....