•පස්වන දිගහැරුම•

2.4K 376 218
                                    

සුලඟ වගේ දඟ කරන
එති එතී ලඟ රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද.....

විටෙක ඇවිත් සිත සිඹින
ආයෙමත් දුර දුවන
හිමින් හිමින් කිති කවන
නුඹයි මගේ පෙම් කවිය....

වෙලා ඇවිත් සුළි සුලඟ
පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම
හෙටත් ඔයා මගෙ මැනික....

.

.

.

වෙලාව හවස 2යි 5යි.. වටපිටාවම හරි නිස්කලංකයි. හවස 4 පහු වෙන්න ඔන්න මෙන්න වෙලාවෙ ඉදන් නිදහසේ හුස්මක්වත් ගන්න ඉඩ නැති මරදාන ස්ටේශන් එක මේ වෙලාවට කොලඹද කියල හිතාගන්නවත් බැරි තරම් නිස්කලංකයි. අතරින් පතර ඇහෙන අනවුස්මන්ට් වල හඬ විතරමයි.

මෙච්චර වෙලාවක් දුවලා පැනලා දඟලලා කෑගගහා ස්ටේශන් එක දෙක කරපු ලමයි සේරම 1.55 ආවම යන්න ගිහින්. මං වගේ කීපදෙනෙක් විතරයි ඉන්නේ. ඒකත් රංචු පිටින් නෑ. එක්කො තනියම නැත්තම් දෙන්නෙක්.

මං කොහොමත් ආසම මරදානෙ මේ ඉදහිට වෙලාවට දකින්න ලැබෙන නිස්කලංක ගතියට. කොටුව වගේ නෙවෙයි. මරදාන ස්ටේශන් එක කියන්නේ මට කියාගන්න නොතේරෙන තරම් මගේ හදවතට සමීප තැනක්. හරියට ගෙදර වගේ..

ඉදහිටක හරි මං මනෝපාරක් ගහනවා නම් ඒ අනිවාර්යයෙන් මෙතන.. නැත්තම් 2.20 ට්‍රේන් එකේ දොරක් ලඟ.

ඒත් මං ආදරේ කරන මේ නිහඬ බව හරියටම තවත් විනාඩි 10කින් ආයෙත් කලබලයක් වෙනවා. ට්‍රේන් එක අල්ලගන්න කලබලෙන් දුවන මිනිස්සු එක්ක මෙතන එක විකාරයයි. සමහර අක්කලා ඇන්ටිලා දුවගෙන එනවා සාරි කරේ. හීල් එහෙම අතේ.

මං ඉතින් කිව්වත් වගේ මනෝ පාරක් ගහගෙනම තනියම ඇවිත් ගාඩර් එකෙන් පහලට බැස්සා. බැහැලා 4වෙනි ප්ලැට්ෆෝම් එකේ සින්ක් එක තියෙන හරියට ගිහින් බිත්තියකට හේත්තුවක් දගෙන හිටගෙන ෆෝන් එක අතට අරන් ඩේටා ඔන් කලා..

සුදූ නෑ තාම. මං ආව බස් එකට එන්න බැරි වෙන්න ඇති. තව ටිකකින් එයි.

ඩේටා ඔන් කලාම ඉතින් රටේම නැති නොටිෆිකේශන් එන ටිකට මේ රෙද්ද ස්ටක් වෙන්න ගන්නවා. එච්චරට ලෝඩ් එක නොටිෆිකේශන් වලම.

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now