•දහතුන්වන දිගහැරුම•

2.1K 388 175
                                    

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා......

.

.

.

බාතෲම් එකට ගිහින් එන්නම් කියල බිම බලාගෙනම කිව්ව එයා එයාගෙ රූම් එකට ඇටෑච් කරලා හදලා තියෙන දොරකින් ඇතුලට ගිහින් දොර වහගත්තා විතරයි.... මගේ පිටට වැදුනු පුපුරුගහන තරම් සැර පාරට මට කෙඳිරිගෑවුනා..

"ආව්හ්හ් යකෝ!"

"තොට පිස්සුද බේසික පුතෝ... මොකක්ද ඒ කලේ"

අකේනයාගෙ මූනත් එක්ක කලු වෙලා.. මං අතින් වැරැද්දක් වත් සිද්ද වුනාද.. අනේ ඉතින් මං කිව්වෙ බොරුවක්‍ යෑ. අනික මූට මොකක්ද තියෙන අමාරුව. මං කිව්වෙ සයුරුටනේ. කොහොමත් අකේනයගෙත් මොකක් හරි හොරයක් තියෙනවා නැත්තෙ නෑ. මං හොයාගන්නම්කො සේරම ඉක්මනට අග මුල ඇතුව.. එක්කො මුන් සේරම එක පැත්තක් වෙලා මාව ගොනාට අන්දනවා. හැබැයි පුතේ එහෙම දෙයක් වෙලා තිබුනොත්නේ!

"ඇයි... මං වැරැද්දක් කිව්වෙ නෑනේ!!"

මං මගේ දැවිල්ල ගත්ත පිට අතගගාම අරූට එකට එක කිව්වා.. ඒ අස්සෙ හිතින් ඌටත් දෙස් තිබ්බා. කොහොමත් මං සුදූගෙ පිටින් තියලා එවෙලෙ කිව්වේ මට එයාට කියාගන්න ඕනි උන දේ. එයාගෙ කේක් මං කනවා නම් කන්නේ එයාම ගෙනත් මගේ අතටම දීපු දවසක විතරයි.

"තෝ නම් මහම මහ මුඩුම මූසල යකෙක් ඕයි.. කියල වැඩක් නෑ..."

"ආ....... දැන් මොකක්ද කියපන්කො මං කරපු මූසල වැඩේ. අනික මං ඒක කිව්වම මොකක්ද වෙන්නෙ... මෙතන මගේ කෙල්ල නෑනේ"

මාත් රඟපෑවා.. මුකුත් නොදන්න ගානට. උන් මාව අන්දන්න නම්‍ යන්නේ ඊට කලින් මං ඇඳගත්තා..

කොහොම උනත් මටත් අව්ල්.. නැතුව නෙවෙයි.. ඒ ඇස් දෙක අස්සට කඳුලු පිරිලා දිලිසෙන්න ගත්ත වෙලාවෙ ඉදන් මගේ පපුවේ පැත්තක් අමුතු විදියකට සැරින් සැරේම රිදෙන්න ගන්නවා.. ඒ බෝල ඇස් වලට ගැලපෙන්නෙ හිනාව මිසක් කඳුලු නෙවෙයි කියන එක මට තේරුනත් දැන් මොකක් කියල කරන්නෙ ද... කියපු දේවල් ආපස්සට අදින්න පුලුවන් ද! ඒත්.... මං කිව්වෙත් ඇත්ත.. එයා දීපු කේක් මං කෑවා කියල එයා රැවටිලා ඉන්න ඕනි නෑ.

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now