•දාසයවන දිගහැරුම•

2.1K 378 210
                                    

මම ගෙදර ආවා. ඒ වචන ටික අහක දාන්න බැරි කමට, ඒ ඉල්ලීමට පිටු පාන්න බැරි උන මම දෙපාරක් නොහිතම ආව ට්‍රේන් එකට ගොඩ වුනා.. එතකනුත් ලයින් එකේ ඉදපු එයා කෝල් එක කට් කලේම 'පරිස්සමෙන් ගෙදර ගිහින් මැසේජ් එකක් හරි දාන්න අයියේ' කියල වෙනකොට පැය එකහමාරකට පස්සේ ගෙදර ආව මගේ පලවෙනි රාජකාරිය උනේ එයාට මැසේජ් එකක් දාන එක..

"මම ගෙදරට ආවා සයුරු"

ටයිප් කරලා සෙන්ඩ් කරපු මම එහෙමම බාතෲම් එකට රිංගගත්තා.. ගෙදර එද්දි වෙලාව 8 කිට්ටු කරලා තිබුනා වගේම නොකියම පරක්කු උන හේතුව අහන්න මැනිකේ දොරකඩට වෙලා හැදි මිටකුත් අතේ තියාගෙනම බලාගෙන හිටියා..

"අනේ රත්තරන් මැනිකේ ඕකෙන් නම් ගහන්න එපා බුදු අම්මේ කෝච් කාරයා අද වැඩිපුර වෙලා තියාගත්තා" කිය කිය ගේට් එක ලඟ ඉදන්ම අත් දෙක එකතු කරන් කෝච්ව පාව දීලා බොරුවක් කියන් ආව මම දොරකොඩ ලඟදි ඒ සුදු කම්මුලකට පුන්ච් හාද්දක් තියාගෙනම පඩිපෙල ගාවට දුවද්දි මං අහගෙන අම්මා බයිනවා..

"මහ එකාගෙම පුතානේ.. කපටිකම් සේරම එකක් නෑර අරන් ගිහින්... අනේ මැනිකේ ගාලා හොරා වගේ මාරු වෙනවා" කිය කිය ආයෙම කුස්සියට ගියා..

ම්ම්ම් තව ටිකකින් ඉතින් මට දුම් දාන ප්ලේන්ටියක් හම්බෙයි.. ඉඟුරු කෑල්ලකුත් තලලා කහටත් වැඩියෙන් දැම්මම ප්ලේන්ටියත් අමුතුම රහක් වෙන හැටි හිත හිතම මං ශවර් එක ඇරගත්තා..

හීතලයිනේ යකෝ... අම්මෝ!! ශවර් එක ඇරියට මොකද ඉස්සෙල්ලම ඔලුව දාන්න කම්මැලි මම මුලින්ම එක කකුලක් වතුරට ඇල්ලුවා. ඊලඟට අතක්. ඊලඟට ඇගෙන් පැත්තක් විදියට පිලිවෙලට තෙමාගෙන ඇවිත් අවසානේ ඔලුවත් ශවර් එකට ඇල්ලුවා. අල්ලලා මැරෙන්න හැදුවා..

තෙහෙට්ටු ගතිය එක්ක හිතේ තිබුන අමුතු හැඟීම් දිය වෙන්න වගේ මං සෑහෙන්න වෙලාම නෑවා. වෙනසක් නෑ.. එතනත් මගේ ඔලුව අස්සට එයා රිංගගෙන නිදහසේ නාන්න තියෙන එකත් මගෙන් උදුරගෙන තිබුනා.

එවුනාට මං කියන්නේ ආදරේ උනත් නාන වෙලාවට බාතෲම් එකට එන්න ඕනි නෑනේ.. ඇයි වදේ.. අනික මං ඉන්නෙත් අමු නිදිවස්ත්‍රෙන්.. සික් මේකාටත් ලැජ්ජ නෑනේ කොල්ලෙක් නාන බාතෲම් එකක් අස්සටත් ඇවිත් ඔලුව වටේ කැරකෙන්නේ.. නැහැදිච්ච හිකනල් පැටියා!

වස්සාන හාදු || The Rainy KissesNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ