"සුදු අයියේ..."
"ම්ම්ම්"
"කෝ අප්පච්චි..."
"අම්මයි අප්පච්චියි දෙන්නම කොහෙද යනවා කිව්වනෙ සයුරු.."
මමයි සයුරුයි උන්නේ පඩිපෙලේ මැද හරියක.. හිටි හැටියෙම මට පිටිපස්සෙන් බහින ගමන් උන්නු මගෙ කොල්ලා කෝ අප්පච්චි කියලා අහනකොට උත්තර දීපු මට ආයෙම එයාගෙන් උත්තරයක් වෙනුවට ලැබුනෙ බර හුස්මක්..
එයාටත් වඩා බර හුස්මක් ඒක... ඒ හුස්මට පුලුවන් උනා පඩිපෙළ බහින ගමන් උන්නු මගෙ කකුල් එක තැනම නවත්තගන්න.
"ඇයි චූටි අප්පෝ... මොකද උනේ.."
ආපිට හැරුණු මගේ ඇස් දෙක රැලි වෙලා ගියා.. මට පිටිපස්සෙන් ඉදන් අප්පච්චි කෝ අහපු මගෙ කොල්ලගෙ මූන මැලවෙලා ගිහින් තියෙනකොට මම ඒ මූනට එබෙන ගමන් ඇයි අහුවත් එයා කලේ හිනාවෙන එක...
හැබැයි හරි සතුටු හිතෙන හිනාවක් නෙවෙයි ඒක.. දුකින් බර උනු හිනාවක්.. හිනාව උනත් ඒ මුනට ගැලපෙන්නෙ සතුටින් පිරිලා නම් විතරයි කියන එක සමහරවිට මින් ඉස්සර මම පවා දැනගෙන ඉන්න නැතුව ඇති..
මොකද ඒ මලානික හිනාවට පුලුවන් උනා... මගේ හදවත, ඊයේ ඉදන් තුවාල සනීප වෙන්න පටන් ගත්තු මගේ හදවත ආයෙම කොනිති ගහන්න.
ඉතින් ඇයි අහපු මම ආපිට මට උත්තරයක් ලැබෙනකන්ම කලේ ඒ ඇස් වලට එබීගෙන ඉන්න එක.
"ඔයා මේ පවුලෙ එකම පිරිමි ලමයනෙ අයියෙ!"
ඒත් මට ලැබුනෙ උත්තරයක් වෙනුවට අගක් මුලක් නැති කතාවක් වෙනකොට මටත් කලින් මගේ ඇස් දෙක හීන් උනා..
මම දන්නවා.. දැන් ඔය තෙබරබබා ලෑස්ති වෙන්නෙ උදේ පාන්දර මගෙ යක්සයා ආවේස වෙන කතාවක් කියන්න තමයි කියන එක දැනෙනකොට මම මගේ ඇස් දෙක හීන් කරගත්තා.."ඉතින්.... ඔව් මම එකම පිරිමි ළමයා.. ඉතින් මගෙ මැනිකට මොකද්ද තියෙන ප්‍රශ්නෙ ම්ම්.. කොල්ලො දෙතුන් දෙනෙක් ඉන්න පවුලක කොල්ලෙක් එක්ක යාලුවෙන්න වත් හිතුනද..?"
"අයියෙ....!!!"
ඒ කටහඬ උස් උනා.. විතරක් නෙවෙයි ඒ කම්මුල් පවා කේන්තියටම රතුවෙලා ගියත් මම තාමත් ඒ ඇස් දිහා කලින් වගේම බලාගෙන උන්නා.. හැබැයි අවසානෙ කටකොනකින් හිනාවුනා..
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....