"සමන් දෙයි හාමුදුරුවනේ සුදු මහත්තයා..."
මගේ අම්මට කෑගැස්සුනා.. ඇද උඩ මුනින් අතට පෙරලිලා උන්න මගෙ කොල්ලගේ ශර්ට් එකක් නැති පිට පුරාවට තියෙන තුවාල පාරවල්, තැලුම් පාරවල් දැකපු මගේ අම්මා කාමරෙන් ඇතුලටවත් හරියකට නොයාම දොරකොඩදිම ඒ කට අතින් වහගත්තා...
ඔව්.. මම මගේ අම්මව මගේ කොල්ලාව පෙන්නන්න එක්කන් ආවා..
කුස්සියේ දොරකොඩදි මේ දෙකම මට නෙවෙයි අම්මේ කියාපු මම ඉන් එහා වචනයක් වත් නොකියාම කාමරේට එන්න ඉස්සර වෙනකොට මගේ පස්සෙන් ආව වලව්වේ ලොකු මැණිකෙට තව ඩිංගෙන් හාට් ඇටැක් එකක් හැදෙනවා..
හැබැයි ඒ, මගේ ඇද උඩ උන්නු එයාව දැකලා නම් නෙවෙයි. ඒ පිට පුරාවට තිබුනු වේදනාත්මක සලකුණු දැකලා..
කෑගැස්සෙනකොටම අතින් කටවහගත්තු අම්මා තවත් සැරයක් තාමත් අත් දෙකේ එයාට අරන් ආව කෑම ටික තියාගෙන උන්නු මගේ මූන දිහාත් එක පාරක් බලන ගමන් හිමින් හිමින් මගේ ඇද ගාවට කිට්ටු වෙනකොට මෙච්චර වෙලාම ඇදේ ඇලවෙලා උන්න මගේ කොල්ලත් අම්මව දැකලා ඇදෙන් වාඩි වුනා..
නෑ... ඒ ඇස් මගේ අම්මව දැකලා බය වුනේ නෑ.. මොකද මට ආදරේ කරපු මේ අවුරුද්දට සයුරු පවා දැනන් උන්නා.. මගේ අම්මා මොන තරම් ආදරණීය ගැහැණියක්ද කියන එක මගේ කොල්ලා පවා දැනන් උන්නා..
"පුතේ...."
"අ..අම්මෙ..."
එයා ලඟට ලං වුන මගේ අම්මා හරි හිමින්, උනත් ආදරෙන් පුතේ කියනකොට සයුරුත් මගෙ අම්මට අම්මා කිව්වා. ඒත් ඒ වචනෙට මම මගෙ අම්මගෙ ඇස් පුදුම වෙනවා දැක්කේ නෑ.. ඒ වෙනුවට ඒ ඇස් වල මේ වෙද්දිත් කඳුලු පිරිලා තිබුනා වගේම ඒ කඳුලු කැට හරි හිතුවක්කාර විදියට ඒ ඇස් වලින් එලියට පනින්න දැඟලුවා..
ඒත් ලේසියෙන් ඇස් වලින් කඳුලක් නොවට්ටා ඉන්න මගේ අම්මා හරි හයියයි..
"මොකද්ද රත්තරනෙ උනේ.. එදා යසට හිනාවෙවී අපේ ගෙදර ආව අහිංසකයට මොකක්ද සුදු මහත්තයා මේ වෙලා තියෙන්නේ.."
මොකක්ද රත්තරනේ උනේ කියල අහන ගමන් ඒ ඔලුව හිමීට අතගෑව මගෙ අම්මට උත්තරයක් නොදුන්නු සයුරු ඒ ඇස් මගාරින ගමන් බිම බලාගන්නකොට අම්මගේ ඇස් ඊගාවට හැරුනේ මගේ දිහාවට..
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....