•පනස් දෙවන දිගහැරුම•

1.6K 357 353
                                    

"ආහ්හ්...."

සීතල ටයිල් පොලොවක් උඩට ඇදගෙන වැටුන මට කෙඳිරිගෑවුනා.. ඇත්තටම ඒක රිදුනා. මගේ අතක් රිදෙන්නම මිරිකලා අල්ලගන්න ගමන් මාව ඇදගෙන ආව තාත්තා මාව තල්ලු කරලා දාපු පාරට ටයිල් එකේ වැදුනු මගේ දණිස් දෙක පිපිරුවා වගේ දැනුනත් කෙඳිරිල්ලකින් පිට එක කඳුලක් තාත්තා ඉස්සරහ නොහලා ඉන්න මම මේ වෙද්දිත් හිතාගෙන හිටියා.

මම මේ ඉන්නේ කොහෙද කියලා මම දැනගෙන හිටියේ නෑ. වාහනේ ආවේ කොහේටද කියලා බලන්නවත් මෙච්චර වෙලාවකට මම සිහියෙන් හිටියෙ නෑ..

මට පැහැදිලිවම මතක අවසානම දේ උනේ ඒ කඳුලු පිරුණු හීන් ඇස් දෙක මගේ අත අතාරින අන්තිම මොහොතේ මට දුන්න අසරණ උනත් විශ්වාසය පිරුණු බැල්ම විතරක් වෙනකොට එතනින් එහාට අම්මගෙ පපුව අස්සට වුන මම, පැයකට විතර පස්සේ තාත්තා ඇවිත් මාව එතනින් ඇදලා වාහනෙන් බස්ස ගන්නකකුත් අම්මගේ උණුහුමේ ඇඩුවා..

වෙන කරන්න දෙයක් මම දැනගෙන හිටියෙ නැ.. මම ඇඩුවේ මින් එහාට මට වෙන්න යන දේවල් ගැන හිතලා නොවෙනකොට මම නිසා මගේ අහිංසක සුදු අයියට මගෙ තාත්තා කරදරයක් කරයිද කියන බය විතරක් මගේ හිත පුරාවටම හොල්මන් කලා.

මම කිව්වා එයාට. පැහැදිලිවම එයාට වාහනෙන් බහින්න මම එපා කිව්වත් තියෙන හිතුවක්කාර කමට එයා මටත් කලින් වාහනෙන් බැස්සා. තාත්තා ඉස්සරහම මගේ නලල ඉම්බා.. එක අතකට මට ආඩම්බරයි.. මොකද මම ආදරේ කරන්න තෝරගෙන තිබුනේ මේ ලෝකේ ඉන්න හොදම කෙනාව. මම දන්නවා, මම වෙනුවෙන් සුදු අයියා මේ ලෝකෙම එක්ක උනත් හැප්පෙයි.. ඒත්, ඒත් මම නිසා ඒ අහිංසකයාට කරදරයක් උනොත්...! එදාට සයුරු කියලා කෙනෙකුත් තව දුරටත් මේ ලෝකේ හුස්ම ගන්න ඉතුරු වෙන එකක් නැති වෙයි.

එක්කො මට තිබුනේ මගේ මේ තේරුමක් නැති, තාත්තගේ අල්ලේ නැටවෙන රූකඩ ජීවිතේට ඒ හිතුවක්කාරයාවත් පටලවගන්නෙ නැතුව ඉන්න..

ඒත් අනේ මම ආදරෙයිනෙ! සුදු පුතාගෙ පලවෙනිම ආදරේ ඒ හිතුවක්කාර සුදු මහත්තයනෙ.... ඉතින් කොහොමද මම එයාට ආදරේ නොකර ඉන්නේ....

ඒ ආඩම්බරකාර නපුරු ආදරේ මතක් වුන තැන ආයෙම මගේ ඇස් වලට කඳුලු ඉනුවා.. කඳුලුත් අනේ මන්දා.. මෙච්චර වෙලාවක් අඩලා වත් ඇයි එයාලා තාමත් හිඳිලා නැත්තේ. සුදු පුතාගෙ ඇසුත් දනවනෙ අඩලම..

වස්සාන හාදු || The Rainy KissesUnde poveștirile trăiesc. Descoperă acum