•විසිහත්වන දිගහැරුම•

2.1K 413 318
                                    

කෝල් එක ඇක්සෙප්ට් උනා.. විතරයි මට අඩු ගානේ හරියට එයාගෙ මූනවත් බලන්න ඉඩක් නැතුවම ආන්ස උනාටත් වඩා ඉක්මනින් කෝල් එක කට් වෙනකොට ඒ ක්ශනිකව මුකුත් හිතාගන්න බැරි උනත් ඊලග තප්පරේම මගෙ මූනට ආවේ මගෙ කුපාඩි හිනාවක්.

මං නොදැක්කට එයා අනිවාර්යයෙන් මං ඉන්න විදිය දකින්න ඇති. නැත්තම් කෝල් එක කට් කරන්න හේතුවක් නැනේ.. ඉතින් එහෙම නම් දැනටමත් ඒ කම්මුල් දෙක පිණිජම්බු ගෙඩි දෙකක් වගේ රෝසම රෝස පාට වෙලා ඇති කියල මතක් වෙනකොට ඒ කම්මුල් බලන්න මට ආවේ අහිංසක ආසාවක්.

ඒත් කොහෙද, මේ ඉස්ගෙඩි පැටියා මං ගන්න ගන්න කෝල් එක කට් කරනවා ඒ ගමන!

හැබැයි මැසේජ් එකක්,

"ශර්ට් එකක් ඇදගන්නකො අයියේ"

ඉතින් ආයෙම මගෙ මූනට ආවේ ලස්සන හිනාවක්. කොල්ලට ලැජ්ජා හිතිලා! අනේ මගෙ අහිංසකයා..

මාව මෙහෙම දකින්නත් ලැජ්ජයි නම් කොහොමද බබා ඔයා දවසක.....! නෑ එක්කො ඒක එපා..

ඉක්කේ හසරැල්.. ඒ කොල්ලා උඹට තාම ආදරෙයි වත් කිව්වේ නැතුව තෝ මොනාද ඔය හිතන ලබ්බවල්! අසික්කිතයා... අසමජ්ජාතියා.. තොට ආදරේ කරන අර අහිංසක හඳ පැටියා ගැන මට නම් තියෙන්නෙ දුකක්!

ඔය මට බනින්නේ වෙන කවුරුත් නෙවෙයි මගේම මොලේ.. ඇයි එතකොට ඌ ඉන්නේ වෙන ඔලුවකද! අනේ කැටයම්.. ඔය කිව්වට ඌත් අකමැති වෙයි එදාට. බලමුකො අකමැති වෙන හැටි!

කොහොම හරි, මං එයාට මැසේජ් එකක් ටයිප් කලා..

"ඇදගත්තා.. දැන් ගන්න" ඒක සෙන්ඩ් වෙනවත් එක්කම සීන් උනා. ඒ පරක්කුවට මං තවත් මැසේජ් එකක් ටයිප් කලා.

"හැබැයි වොයිස් නෙවෙයි වීඩියෝ" නෑ.. එයාට බොරු කියල මට ඕනි වුනේ එයාව අපහසුතාවට පත් කරන්න කියල කවුරු හරි හිතනවා නම්, ඒක නෙවෙයි මට ඇත්තටම ඕනි උනේ. මට ඕනි උනේ අර ජම්බු ගෙඩි දෙක බලන්න. රෝස පාට වෙන නහය මුදුන මෙහෙම මිරිකන්න බැරි උනත් ඒ දිහා බලලා හිතම පුරවගන්න.

ඉතින් කිව්වත් වගේම එයාගෙන් කෝල් එකක් ආවා. වීඩියෝ කෝල් එකක්. පරක්කු නොවීම මං ආන්ස කලා විතරයි මෙදා සැරේ එයා කට් කරන්න කලින් මං ඒ කම්මුල් දෙක දිහා බැලුවා.. මං හරි! අනේ ඒවා රෝසම රෝස පාටයි. ලඟක හිටියා නම් අල්ලගෙන කනවා ඇත්තමයි. මට ලෝබයි! ආයෙම මං ඉන්නේ ශර්ට් එකක් නැතුව කියල දකිනකොට ලොකු වුන ඇස් දෙක නිකන් ටික්බෝල වගේ. මට ඇත්තටම හිතාගන්න බෑ ඒවා එච්චර දිලිසෙන විදිය.

වස්සාන හාදු || The Rainy KissesWhere stories live. Discover now