"නෑ............හ් අනේහ් අම්මාආආආ!"
.
මහ හයියෙන් බෙරිහන් තියපු මම ඉන්න තැනක් වත් වටපිටාවක් ගැන වත් මෙලෝම සිහියක් නැතිවම පියවිලා ගිහින් තිබුන මගෙ ඇස් දෙක වේගෙන් ඇරියා.. ඒ වේගෙටම හාන්සි වෙලා උන්න මට ඉන්දවෙනකොට මගෙ ඇස් වලට මුලින්ම අහුවුන දේ කෑලි කරන්න පුලුවන් කලුවර විතරක් වෙද්දි, මට තේරුනා.. මම හීනයක් දැකලා..
ඒක.. ඒක හීනයක්.. දෙවියනේ ඒක හීනයක්!
හීනයක් උනත් තාමත් මගෙ පපුව එකසිය ගානට ගැහුනා. සිවිලිම් ෆෑන් එකේ තටු ටික කැරකෙන හඬත් කලුවරේම මට ඇහුනත් ඉහින් කනින් බේරෙන දාඩිය ගැනවත් තැකීමක් නොකරපු මම කලුවරේම මෙට්ටෙ උඩ අතගෑවා. වෙන මොකටවත් නෙවෙයි ෆෝන් එක හොයාගන්න.
පාන්දර දෙකයි කාලයි.. තාමත් වෙලාව පාන්දර දෙකයි කාලයි.
ෆෝන් එක අතට ගත්තත් එක්කම ලොක් ස්ක්‍රින් එකෙන්ම වෙලාව බලපු මම එහෙමම ෆෝන් එක පැත්තකට විසි කරද්දි ෆෝන් එකේ එලියෙන් ලාවට එලිය උනු කාමරේ ආයෙමත් කෑලි කපන්න පුලුවන් තරම් තද අදුරෙන් වහගත්තා..
කර්ටන් ඈත් කරලා තිබුන ජනෙල් පියන් අස්සෙන් ගලාගෙන එන්න හඳ එලියක් වත් අද අහසේ නැති තැන කලුවරේම ඇදෙන් බිමට කකුල් දෙක දාපු මම එහෙමම දණිස් දෙක උඩට වැලමිට බර කරගන්න ගමන් සම්පූර්ණ මූනම අත්දෙක අස්සේ ඔබාගත්තා.
ඒත් තාමත් නිනව්වක් නැතුව ගැහෙන මගෙ හදවත සන්සුන් වෙන පාටක් නෑ..
ඔලුවට දාපු දාඩිය බිදිති කන් දෙක දෙපැත්තෙන් හිමින් සැරේ පහලට ගලනකොට මං ගැහෙන පපුව නතර කරගන්න හිතාගෙන ඒ උඩින් අතක් තියාගත්තා.. කොහොම උනත් හීනෙකින් හරි මට ආදරෙයි කිව්ව ඒ ඇස් දෙක ආයෙ ආයෙම මගෙ ඇස් ඉස්සරහ මැවිලා පේන්න ගන්නකොට ඒ වචන මං කන් අස්සේ දෝංකාර දෙන්න පවා පටන් අරන් තිබුනා.
දැකපු මූසල හීනෙට හේතුවක් ඇත්තටම මට හිතාගන්න බැරි වෙද්දි ලේ වැකුන මුන නින්දෙන් ඇහැරුනු මගෙ ඔලුව සම්පූර්ණයෙන්ම විකාර කරමින් හිටියා..
ඒත්,
"සුදු මහත්තයා.. පුතේ... මොකද උනේ"
දොරට එලියෙන් ඇහුන නිදිමත බේරෙන අම්මගේ කටහඩ මගේ කන් වලට ඇහෙනකොට මං හිටියේ ඇදුම් කන පපුව අතකින් මිරිකගෙන. හීනෙන් බය වෙලා ඇහැරිලා තාමත් ගෙවිලා තිබුනේ විනාඩි 5කටත් වඩා අඩු කාලයක් වෙද්දි මගෙ කෑගැහිල්ල ඇහිලද කොහෙද නිදිමතේම අම්මා ඇවිත් තිබුනා..
YOU ARE READING
වස්සාන හාදු || The Rainy Kisses
Fanfictionමේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....