° Chapter 27 °

249 47 15
                                    

තමන් දිහා කන්න වගේ බලන් හිටිය කොල්ලා දෙන්න දිහා බලන් හිටිය මීරන් ආරි දෙන්න දෙන්නගෙ මූණවල් බලාගත්තා .
ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමේ ජන්කුක් ටේහ්‍යුන් දෙන්න.කොල්ලා දෙන්න ඇවිත් හිටියෙ තනියෙන්නම් නෙමේ.
ටේහ්‍යුන්ගෙ අතේ හිටියෙ ජිමින්ගෙ දුව.කොල්ලො දෙන්න ජිමින්ගෙ දුවවත් එක්කන් තමා ඇවිත් හිටියෙ.

" මෙයා මැරි කරලා ඉන්නෙ.දැන් එතකොට මොකක්ද මෙතන වෙන්නෙ.🤨🤨🤨 "

ජන්කුක් ආරි දිහා බලාගෙන එහෙම අහනකොට ආරි බැලුවෙ මීරන් දිහා.මීරන් වුනත් මේ වෙලාවෙ හිටියෙ ටේහ්‍යුන් දිහා බලාගෙන.

" ඔයාල දෙන්න දැන් මෙතනින් ගියොත් හොදයි."

ජන්කුක් ජින් දිහයි නම්ජුන් දිහයි බලාගෙන එහෙම කියනකොට ඒකට උත්තර දුන්නෙ නම්ජුන්

" අපි තාම කන්ට්‍රැක් එක ගැන කතා කරලා ඉවර නෑ මිස්ටර්.අනික ඔයා කවුද අපිට යන්න කියන්න."

" මන් මෙයාගෙ හස්බන්ට්.මිඩීයා එහෙම දැනගත්තොත් එච්චර හොද නෑනේ.මෙයාල දෙන්න ඒක නිසා දැන් මෙතනින් යන්න.කන්ට්‍රැක් එක ගැන කම්පැනි එකේදි කතා කරගන්න පුලුවන් වෙයිනේ."

ජන්කුක් එහෙම කියලා නම්ජුන් දිහයි ජින් දිහයි බලද්දි නම්ජුන් තව මොනාහරි කියන්න ගියත් ජින් නම්ජුන්ව නැවැත්තුවා .

" එනිවේ.අපි එහෙනම් යන්නම්.ඔයාගෙ හස්බන්ට්ට පොඩ්ඩක් ජෙලස් හිතිලා වගේ."

ජින් ජන්කුක් දිහයි ආරි දිහයි බලලා හිනා වෙලා එහෙම කියන ගමන් නැගිට්ටා.
ජින් නැගිටිනකොට නම්ජුනුත් ඒත් එක්කම වගේ නැගිට්ටා.

" කම්පැනි එකට ඇවිත් කන්ට්‍රැක් එක ගැන ඉතිරි දේවල් කතා කරගමු මිස් මීරන්.මන් කෝල් එකක් දෙන්නම් ඔයාට."

නම්ජුන් මීරන් දිහා බලාගෙන එහෙම අහනකොට මීරන් කරේ නම්ජුන් එක්ක හිනාවෙච්ච එක.

" ඒ ගැන හිතන්නවත් එපා."

තමන්ගෙ අතේ හිටිය ළමයා ජන්කුක්ගෙ අතට දෙන ගමන් ටේහ්‍යුන් එහෙම කිව්ව මීරන් දිහා බලාගෙනමයි.
ටේහ්‍යුන් එහෙම කිව්වට මොකද නම්ජුන් ආයෙ මීරන් එක්ක හිනා වෙලා ජින් එක්ක එතනින් යන්න ගියා.

°Change ||KTH (On going)Where stories live. Discover now