° Chapter 05 °

492 58 20
                                    

Taehyung's pro

මන් වැරදි දෙයක්ද ඇහුවෙ ? මන් මේ කවුද කියලා අහපු ගමන් ඇයි මීරන්ගෙ ඇස් වල කදුලු තියෙන්නෙ.එයාගෙ ඇස් වල කදුලු දකිනකොට ඇයි මට දැනෙන්නෙ හරියට මගෙ පපුවට කවුරුහරි පිහියෙන් අනිනවා.අනික ඇයි මන් මෙච්චර මීරන් ඉස්සරහ සොෆ්ට් වෙන්නෙ.මන් හරියට හැසිරෙන්නෙ හයිස්කූල් යන කාලෙ හිටිය කිම් ටේහ්‍යුන් වගේ.
ලෙඩක්වත් හැදීගෙන එනවද මන්දා.

"මන් ඔයාගෙන් වැරදි දෙයක් වගේ නේ අහලා තියෙන්නෙ ? "

මන් එහෙම අහනකොට මීරන් ඇස් වල තිබ්බ කදුලු පිහදාලා මන් දිහා බැලුවා.ඇස් වල කදුලු පිහදැම්මට මොකද කෙල්ලගෙ ඇස් වලින් කියන්න පුලුවන් මන් අහපු ප්‍රශ්නෙ නිසා කෙල්ල ඉන්නෙ දුකින් කියලා.

" මේ ඉන්නෙ මගෙ මල්ලි 😔😔😔😔.එයා ගොඩක් කියුට් නේද ? ඔය ෆොටෝ එක ගන්නකොට මගෙ කුකීට හරියට අවුරුදු දෙකයි.🥺🥺🥺."

" ඔයාගෙ මල්ලි.ඒත් මේ ෆොටෝ එකෙ හැටියට එයා ගොඩක් පොඩි වෙන්න ඕනේ."

" මට වඩා අවුරුදු තුනක් බාලයි.මට මගෙ කුකීව මතක් වෙන්න තියෙන්නෙ ඔයා ෆොටෝ එක විතරයි.අද මගෙ කුකී හිටියනම් අවුරුදු 20 එකක් වෙනවා ඔයාට.ඔයා දන්නවද අපි දෙන්නගෙම බර්ත් ඩේ එක එකම දවසෙ සැප්තැම්බර් 01 දා.🥲🥲🥲.
ඔයා දන්නවද ටේහ්‍යුන් කුකී කොච්චර අහිංසකද කියලා.ඒ දවස් වල කවුරුහරි රවලා බැලුවත් ඇති කොල්ල අඩනවා.
වෙලාවකට හා පැටියෙක් වගෙ.ඔම්මට‍යි අප්පටයි වඩා මන් මගෙ හා පැටියට ආදරේ කරා.
මගෙ කුකී එයාගෙ නූනාව දාලා ඔම්මයි අප්පයි එක්ක යන්නම ගියා.ආයෙ නොයෙන්නම.🥺🥺🥺.එදා ඒ ඇක්සිඩන් එක වුනේ නැත්තන් මට ඒ තුන්දෙනාව නැතිවෙන්නෙ නෑ.
ඔයා දන්නවද ටේහ්‍යුන් ඒ ඇක්සිඩන් එක වෙනකොට කුකීට අවුරුදු හතක් වුනා විතරයි.මාව ස්කූල් එකෙන් ගන්න එනකොට තමා එයාලව ඇක්සිඩන් වෙලා තිබ්බෙ.
එදා මමත් එයාල තුන්දෙනා එක්ක ගියානම් මටත් එයාල එක්කම ඉන්න තිබ්බා.🥺🥺🥺🥺."

මීරන් අඩනවා දකින්න බැරි නිසාම මම කරේ කෙල්ලව හග් කරපු එක.හොදටම ශුවර් මට මෙන්ඩල් හොස්පිටල් යන්න වෙනවා කියලා.නැත්තන් කෙල්ලෙක්ව හග් කරයිද ?
මීරන්ව හග් කරන් මම මීරන්ගෙ ඔලුව අත ගාද්දි මීරන් කරේ මන් ඇදන් හිටිය හූඩි එක අල්ලගත්ත එක.

°Change ||KTH (On going)Where stories live. Discover now