• Chapter 22 •

380 48 39
                                    

මීරන් එකපාරටම එහෙම අහනකොට ටේහ්‍යුන් විතරක් නෙමේ ජන්කුක් ආරි දෙන්නත් පුදුම වෙලා.ජිමින්නම් හිටියෙ ටේහ්‍යුන් දිහා බලාගෙන.හැබැයි කොල්ලනම් පුදුම වුනේ නෑ.

" මීරන් ඔයාට කොහෙන්ද මේක"

" ඒ කියන්නෙ ඒක ඇත්තද ටේහ්‍යුන් ඔයාට ඕනෙ මගෙන් ඩිවෝස් වෙන්නද කියන්න.🥺🥺🥺."

මීරන් ඇස් වල කදුලු පුරවගෙන ටේහ්‍යුන්ගෙන් එහෙම අහනකොට ටේහ්‍යුන් දුන්නෙ මීරන් කීයටවත් බලාපොරොත්තු වුනේ නැති උත්තරයක්.

" ඔව් මීරන්.ඔයා කියන දේ ඇත්ත මට ඔයාගෙන් ඩිවෝස් වෙන්න ඕනේ."

" මොන විකාරයක්ද ඔයා කියවන්නෙ.මොන යකෙක් වැහිලද හ්‍යුන් ඔයාට."

" මන් ඇත්ත කියන්නෙ ජන්කුක්.මට මීරන්ගෙන් ඩිවෝස් වෙන්න ඕනේ."

" ටේ."

" ඔයා මගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කිව්ව නේද මීරන්.එහෙනම් මගෙ සතුට වෙනුවෙන් මේ ඩිවෝස් පේපස් සයින් කරන්න."

ටේහ්‍යුන් එහෙම කියනකොට කෙල්ලගෙ ඇස් වලින් කදුලු වැටුනා.

" අපි දෙන්න ඩිවෝස් වුනොත්ද ටේ ඔයාට සතුටු හිතෙන්නෙ.ඔයා සතුටු වෙනවනම් මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් ."

මීරන් එහෙම කියන ගමන් තමන්ගෙ ඇස් වල කදුලු පිහදගන්නකොට ටේහ්‍යුන් තමන්ගෙ සාක්කුවෙන් පෑනක් ගත්තා.ටේහ්‍යුන් එතන තිබ්බ ටේබල් එක උඩින් ඩිවෝස් පේපස් එකට සයින් කරලා පෑන මීරන්ට දුන්නා.

" නූනා මේ ගොන් හ්‍යුන්ට යකෙක් වැහිලා.ඔයා සයින් කරන්න එපා."

" ඔයාගෙ හ්‍යුන් ඒකටනම් කැමති කුකී.මන් සයින් කරනවා."

" කොට හ්‍යුන් මොනාහරි කියන්න."

" මන් මොනා කියන්නද ජන්කුක්.ඒ දෙන්නගෙ තීරණ වලට අපිට මැද්දෙන් පනින්න බෑනේ."

ජිමින් එහෙම කියනකොට මීරන් ඩිවෝස් පේපස් වලට සයින් කරා.මීරන් ඩිවෝස් පේපස් සයින් කරාට පස්සෙ එතනින් යන්න ගියා.

" නූනා."

ජන්කුක් නූනා කියාගෙන කෙල්ලගෙ පස්සෙන් යන්න ගියත් ආරි ජන්කුක්ගෙ අතින් ඇල්ලුවා.

°Change ||KTH (On going)Where stories live. Discover now