° Chapter 10 °

484 48 24
                                    

Teahyung' s pro

මීරන් එක්ක ගෙදර යනකොට මීරන් මන් කැෂුවල් ඇන්දම handsome කියද්දි මට හිනාගියා.ඊටත් වඩා සතුටු මන් කැෂුවල් ඇන්දම ජන්කුක්ටත් වඩා බාලයි වගේ පේනවා කිව්ව එක.ඕක ජන්කුක් ඉන්න තැන කිව්වනම් මරු.කොල්ලගෙ මූණ බලන්න ආසයි එතකොට.බැරි වෙලාවත් මීරන් ජන්කුක් ඉන්න තැන ඕක කිව්වනම් රටේ නැති දේවල් කරන්න ගනී.මන් දන්නෙ නැද්ද ජන්කුක් ගැන.
මීරන් එක්ක ගෙදර යනකොට මට කෝල් එකක් ආවා.ඒකත් ආවෙ මගෙ මිස්ටර් චෝයිගෙන්.මේ වෙලාවෙ ඇයි කෝල් කරන්නෙ.

📱📱📱📱

" කියන්න මිස්ටර් චෝයි "

"සර් මන් හොයාගත්තා "

" මොනාද හොයාගත්තෙ ? "

" ෆෝන් එකෙන් මේ ගැන කතා කරන්න බැහැ සර්.සර්ට පුලුවන්නම් දැන් ඇවිත් මාව මීට් වෙන්න පුලුවන්ද ? නැත්තන් සර් මන් දැන් සර්ගෙ ගෙදරට එන්නම්.සර් එන්න ඕනේ නෑ .මැඩම්ගෙ ෆැමිලි එක ගැන දෙයක් හොයාගත්තා සර්."

" නෑ එපා මන් එන්නම්."

" හරි සර්."

"වෙනද එන තැනටම එන්න."

"මම දැනටමත් ඇවිත් ඉන්නෙ සර්."

කෝල් එක කට් කරාට පස්සෙ මගෙ මූණ ටිකක් වෙනස් වුන නිසාද කොහෙද මීරන් ඇහුවා මගෙන් ප්‍රශ්නයක්ද කියලා.මීරන් මේ ගැන මොනවත් දැනගන්න ඕන නැති නිසා මන් මොනවත් කියන්න ගියෙ නෑ.සමහරවිට මිස්ටර් චෝයි මීරන්ගෙ මල්ලි ගැන මොනාහරි හොයාගත්තද දන්නෙ නෑ.මීරන්ව ගෙදරින් බස්සලා මන් ගියෙ මිස්ටර් චෝයිව මීට් වෙන්න.
හන් ගග ගාව තියෙන කැෆේ එක ගාවට මම යනකොට මිස්ටර් චෝයි ඇවිත් හිටියෙ.කාර් එක පාක් කරලා කැෆේ එක ඇතුලට යනකොට මිස්ටර් චෝයි ටේබල් එකක් ගාව ඉදගෙන හිටියෙ.රෑ වෙලා හින්දා අපි දෙන්නයි තව දෙතුන් දෙනකුයි වගේ කැෆේ එකේ හිටියෙ.

" දැන් මොනා ගැනද කියන්න තියෙන්නෙ."

මන් එහෙම ඇහුවට මොකද මිස්ටර් චෝයි මොනවත් කියන්නෙ නැතුව මට ෆයිල් එකක් දුන්නා.

" මේකෙ මොනාද තියෙන්නෙ ? "

"සර් ෆයිල් එක බලන්න කලින් ෆයිල් එක උඩ තියෙන දේ බලන්න."

°Change ||KTH (On going)Waar verhalen tot leven komen. Ontdek het nu