° Chapter 38 °

217 34 14
                                    


" මිස්ට කිම්ගෙ බ්‍රේන් එකේ තියෙන රුධිර කැටියක් තියෙනවා මිසිස් කිම්.මිස්ට කිම් කෝමා එකක ඉන්නත් හේතුව ඒකම තමයි."

මීරන් ඉස්සරහ ඉදගෙන හිටිය ඩොක්ටර් කෙල්ලට එහෙම කිව්වෙ ටේබල් එක උඩ තිබ්බ මොනිටර් එක පෙන්නන ගමන්.

" මිස්ට කිම් දැන් ඉන්න තත්වෙත් එක්ක මේක තමයි කරන්න තියෙන හොදම ට්‍රීට්මන්ට් එක.අපිට අවදානමක් ගන්න වෙනවා මිසිස් කිම්.ඒ වගේම අපිට ලක් එකත් ඕනේ.

මිස්ට කිම් ලකීනම් මිස්ට කිම්ගෙ බ්‍රේන් එකේ තියෙන රුධිර කැටිය ඉක්මනට නැති වෙලා යයි.ඉක්මනට ඒ දේ වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් මිසිස් කිම්."

" මට කියන්න ඩොක්ටර් ජන්ග් .ටේ සනීප වෙන්න කොච්චර චාන්ස් එකක්ද තියන්නෙ කියලා."

මීරන් තමන්ගෙ ඉස්සරහ හිටිය ඩොක්ටර්ගෙන් එහෙම අහනකොට කෙල්ල එහාපැත්තෙ ඉදගෙන හිටිය ආරි කෙල්ලගෙ උරහිසෙන් අත තිබ්බා.

" මිසිස් කිම් ඔයාට මාව වගේම විද්‍යාව ගැනත් විශ්වාස කරන්න වෙනවා."

" මම විශ්වාස කරනවා ඩොක්ටර් ජන්ග්.ඒත් මට ඇත්ත කියන්න.ඇත්ත දැනගන්න සම්පූර්ණ අයිතියක් මට තියෙනවා."

මීරන් තමන්ගෙ ඉස්සරහ හිටිය ඩොක්ටර්ගෙන් එහෙම අහනකොට ඩොක්ටර් හොද හුස්මක් අරන් කෙල්ල දිහා බැලුවා.

" Less than 10% "

" සීයට දහයයි."

ආරි ඩොක්ටර් දිහා බලාගෙන එහෙම අහනකොට මීරන් කරේ තමන්ගෙ ඉස්සරහ හිටිය ඩොක්ටර්ගෙන් අත තද කරලා අල්ලගත්ත එක.

" ඩොක්ටර් ජන්ග් අපි දෙන්න ගොඩක් හොද යාලුවොනේ."

" ඔව් "

" මම ඔයාගෙන් ඉල්ලනවා හෝසොක්.මොනාහරි කරලා ටේව බේරගන්න.මොනාහරි ක්‍රමයක් හොයාගන්න .ප්ලීස්.මොනාමහරි කරලා ටේව නැගිට්ටවන්න."

" ඔන්නි හෝසොක් ඔප්පා හැමදෙයක්ම ටේ ඔප්පා වෙනුවෙන් කරයි.ඔයා විශ්වාසෙ නැති කරගන්න එපා."

" ආරි කිව්ව දේ හරි මීරන්.විශ්වාසෙ තියාගන්න."

" අපිට බැරිද රුධිර කැටිය අයින් කරන්න.ඔපරේෂන් එකකින් හරි"

°Change ||KTH (On going)Where stories live. Discover now