• Chapter 20 •

285 51 6
                                    

" ආරි මම මේක ගොඩ කාලෙක ඉදන් අහන්න හිටියෙ.Will you be my girlfriend ? "

දොන්ෂික් ආරිගෙන් එහෙම අහනකොට ජන්කුක් දාන් හිටිය හෙඩ්සෙට් එකත් ගලවලා තමන්ගෙ බෙල්ල වටේ දාගත්තා .

" දොන්ෂික් මම."

" ඔයා හොදට හිතලා ඕන තරම් කාලයක් අරන් මට කියන්න ආරි.මට ඕන තරම් කාලයක් ඔයා වෙනුවෙන් බලන් ඉන්න පුලුවන් "

" බලන් ඉදියි කියලා තමා බය.😒😒😒.ආරිනම් කීයටවත් කැමති වෙන්නෙ නෑ ."

ජන්කුක් තමන් එක්කම හිමීට මුමුණනකොට ආරි ජන්කුක් දිහා බැලුවා.

" මොනාහරි කිව්වද ජන්කුක් ? "

" මන් මොනා කියන්නද ? "

ජන්කුක් එහෙම කියන ගමන් තමන් කියව කියව හිටිය පොත දිහා බැලුවා.
ජන්කුක් දිහා ටිකා වෙලාවක් බලන් හිටිය ආරි බැලුවෙ දොන්ෂික් දිහා.

" මන් හිතලා බලලා කියන්නම් දොන්ෂික් 😊😊."

" හරි ආරි.ඔයා හොදට හිතලා මට කියන්න."

දොන්ෂික් එහෙම කියද්දි ආරි හා කියන්න ඔලුව වැනුවා.මේ වෙලාවෙනම් ජන්කුක් හිටියෙ හිත ඇතුලෙන් පුපුර පුපුර.
දොන්ෂික් ආරි එක්ක හිනා වෙලා එතනින් ගියාට පස්සෙ ආරි බලන් හිටියෙ දොන්ෂික් දුන්න චොකලට් එක දිහා.

" මොකද හිතලා බලන්නම් කිව්වෙ.එකපාරටම බෑ කියලා කියන්න තිබ්බ නේද ? 😠😠😠 "

" ඔයාට මොකද ඩෝන් ගිහින් ජන්ගල්බුක්.අනික ඉතින් මට කොල්ලෙක් නැති එකේ මන් හිතලා බලන්නම් කිව්ව එකේ වැරැද්දක් නෑනේ."

" බලනවා මැට්ටි උගෙ හැටි.නිකන් අපායට ගහපු පෝස්ටර් එකක් වගේ.බෑ කියලා කියන්න තිබ්බනේ.හිතල බලන්න දෙයක් නෑ.ආයෙ හම්බවුන ගමන් මන් කැමති නෑ කියලා කියන්න.තේරුනානේ."

" මේක මාර වැඩක්නේ.දැන් එතකොට ඔයාට මන් යාලුවෙන්න ඕන කොල්ලව සිලෙක්ට් කරන්නෙ."

" මන් තමා."

" ඒක මාර වැඩක්නේ.ඇයි ඔයා මගෙ ඔප්පද ? "

" නෑ කොල්ලා."

ජන්කුක් එහෙම කියද්දි ජන්කුක් කිව්ව දේත් එක්ක ආරි කොල්ල දිහා බලන් හිටියෙ ටිකක් පුදුම වෙලා.ආරි මොනාහරි අහන්න ගියත් ඊට කලින් ජන්කුක් ආරිගෙ අතේ තිබ්බ චොකලට් එක ගත්තා.

°Change ||KTH (On going)Where stories live. Discover now