𝘗𝘢𝘳𝘵 20 🍃

Start from the beginning
                                    

🌼" ස්-සර්...ඒ වුනත් "

මං කතා කරන්න ගියත් ඒකෙන් උනේ මූට තව කේන්ති ගිය එක විතරයි කියලා මට තේරුනේ මූන දැක්කම..

🐱" ඒ වුනත් ඒ වුනත් නෙවෙයි සෝයොන්.. මේක ආයෙ චෙක් කරනව මගෙ යකා අවුස්සන්නැතුව.. "

🌼" ආයෙ මොනා අවුස්සන්නද.. දැනටම ඇවිස්සිලනෙ " 😒

මං හිමීට කිව්වත් ඒක ඇහිලද කොහෙද මං දිහා එකපාරට බෙල්ල හරෝලා බැලුවම මට ඇත්තටම බය හිතුන..

🐱" මං තමුසෙට පඩි ගෙවල තියන් ඉන්නෙ මගෙ ඇවිස්සෙන යකා බලන්නද සෝයොන්.. හරියට වැඩක් කරගන්න බෑ එනව මෙතන එකට එක කියාගෙන. මොකා මේ වගේ මෝඩයන්ට ජොබ් දෙනවද මංදා.. අපරාදෙ තියාගෙන හිටියෙ.. ශිට්." 😡

එකපාරට වයින් කරපු බෝනික්කෙක් වගේ අත් එහාට මෙහාට විසික් කර කර මට බනින්න ගත්තම මගෙත් මීටරේ පැන්නා.. ඇයි යකෝ.. මේ පොඩි වැරැද්දට මෙච්චර කෑගහන්න ඕනිද

🌼" මේ හලෝ...තමුසෙ හිතුවද වෙන තැන් නෑ කියල මට වැඩකරන්න. තියාගන්න බැරිනම් අස් කරනව ඉතින් මට පාන්ද..මට නෙවෙයි තමුසෙට තමයි හරියට වැඩක් කරගන්න බැරි 😒. මං මෝඩයිලු. හහ්... ඔච්චර වැඩ්ඩ නම් කරනවකො තනියම.. අනික මට මේ කමකට නැති ජොබ් එක දුන්නෙ තමුසෙමයි කියල අමතකද ආහ් ?? තමුසෙගෙ යකා ඇවිස්සෙනවටත් මං පලිද ?? මාව ගන්න ඕනිතරම් මේ කොරියාවෙ කම්පැනි තියනවා.. ඒ ගැන තමුසෙ බයවෙන්නෙපා. ඕනිනම් මං දැන් තමුසෙට බැන්න එකට මාව අස්කරනවා..😏 මටත් ඕන්නෑ මේ එක එකාගෙ ගෑස් බලන්න. ගෑනියි මිනිහයි දෙන්නම එකයි. දෙන්නම හදන්නෙ මාව මරන් කන්න.. රෙද්ද..." 😤

මං උදේ අරකි ඇවිත් මට සද්දෙ දාපු එකටත් එක්කම ඔක්කොටම මූට බැන්නෙ මෙච්චර කල් බැනගන්න බැරිවෙච්ච වාඩුව ගන්නත් එක්කමයි.
මං බනින දිහා කටත් ඇරන් ගල්වෙලා වගේ බලන් ඉන්න මූටත් රවලාෆයිල් එකත් අරන් ගස්සගෙන එතනින් ආවෙ හිතට මාරම සැහැල්ලුවක් දැනෙද්දි..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now