𝘗𝘢𝘳𝘵 03 🍃

115 19 4
                                    

After 3 days
So Yeon pov🌷
@ Min industry

අදට මන් ජොබ් එකට ඇවිත් දවස් තුනක් වෙනව..වැඩේ හිතන තරම් ලේසි නෑ.. නපුරු පූස් මට හිතලම හෙනට වැඩ දෙනව 🥲
නපුරු පූස් කියන්නෙ මන් එයාට දාපු නම හිහ්.. දන්නවනම් හිහ් නෙමේ හික් ගෑවෙන්න වැඩක් සෙට් කරයි

කම්පැනි එකේ වැඩ මන් හිතුවට වඩා ඉක්මනට අල්ලගන්න මට පුලුවන් උනා.. මන් එයා කොයි වෙලේද එන්නෙ කිය කිය බලන් හිටියෙ..
8 ත් වෙලා තාම ආවෙ නැ..

🌼" ආහ්...මූනම් මැරෙන්නැ. කියනකොටම වඩිනව.."

මටම කියාගෙන මන් එයා ඉස්සරහට ගියා.. මන් එයාට bow කරල ගුඩ් මෝනින් කිව්වත් ඇහුනෙ නෑ වගේ කැබින් එකට ගියා..

එයාගෙ හැටිනෙ..මන් ගනන් ගත්තෙ නෑ ඉතින්..මන් අද දවසෙ ශෙඩූල් එකත් අරන් එයා පස්සෙන්ම කැබින් එකට ගියා..

🌼" සර් අද උදේ 9 ට මීටින් එකක් තියනව blue moon හොටෙල් එකේ Lee company එකත් එක්ක..
  ඒක ඉවර වෙලා ඒ හොටෙල් එකේම උදේ 11 ට තව මීටින් එකක් තියනව Kim company එකත් එක්ක..එයාලා එක්කම ලන්ච් එක ගන්න තියනව..
   ඊට පස්සෙ ආයෙ හවස 3.30 ට අලුත් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න බෝඩ් මීටින් එකක් තියනව.
   ම්ම්ම්...තව ෆයිල්ස් ටිකක් චෙක් කරන්න තියනව ගොඩක් important ඒව..
   ආ..තව මීටින් එකක් තියනව රෑ 8 ට ප්‍රොජෙක්ට් එකක ෆයිනල් එක ගැන..
      දැනට එච්චර සර්.."

මන් ශෙඩූල් එක ක්ලෝස් කරල එයා දිහා බැලුවම මගෙ ඇස් ලොකු උනේ එයාට වම් පැත්තෙන් හිටපු මන් දිහා එයා බෙල්ලත් ඇල කරන් බලන් හිටපු නිසා..
එයාගෙ ඇස් දෙකේ බැල්මට මාව හීතල වෙලා ගියේ එයාගෙ බැල්ම දරාගන්න බැරුව මන් බිම බලාගනිද්දි..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now