𝘗𝘢𝘳𝘵 08 🍃

111 24 6
                                    

එකපාරට මගෙ ඉස්සරහ හිටපු කොල්ලා පිටිපස්සට ඇදිලා ගියේ එහාපැත්තෙ තිබ්බ පූල් එකට ජබොක් ගාලා තව මොනවහරි වැටෙද්දි..
මගෙ ඇස් ලොකු උනේ ඉස්සරහා හිටන් හිටපු කෙනා දැකලා..

………………………………………………………

එතැන් සිට...🪴
Still So Yeon pov🌷

එතන හිටපු අනික් කොල්ලො තුන්දෙනත් පූල් එකට තල්ලු කරලා දාලා එයා නන් ඉන්න පැත්තට ආවෙ මන් තාම ඇස් ලොකු කරන් බලන් ඉද්දි..

🐱" තනියම මොන මගුලක්ද මෙතන කරන්නෙ ආහ්.. "

ඔව්..ආවෙ අර යස්සයා තමා.
මන් දිහා රවලා බලන ගමන් එහෙම ඇහුවෙ මන් බිම බලාගෙනම ඉද්දි..

🐱" තමුසෙට අනික් වෙලාවටනම් ගමකට නෙලන්න කට.. ඒ උනාට මුන්ට දෙකක් කියාගන්න බෑ.. "

🌼" ම...මම.."

🐱" මම...මම තමයි. ගිහින් නගිනවා කාර් එකට. මන් එන්නම් තව ටිකකින් "

මට සැරෙන් එහෙම කිව්වම මාත් සද්ද නොකරම එතනින් ආවෙ මොනව උනත් ඔය යකා නැත්තම් අද මට මොනව වෙයිද කියල දන්නෙ නැති නිසා..
ටිකකින් එයත් ඇවිත් කාර් එකට නැග්ගෙ මුකුත්ම නොකියා..

🐱" බහිනවා "

එයා ආයෙ කතා කරද්දි තමයි මන් මේ ලෝකෙට ආවෙ. මන් ඔලුව උස්සලා වටේ බැලුවෙ මෙච්චර ඉක්මනට කම්පැනි එකට ආවද කියල හිතමින්..
කාර් එක රෙස්ටුරන්ට් එකක් ඉස්සරහා නවත්තලා තියෙන්නෙ කියල දැක්කම මන් බැලුවෙ එයා දිහා..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now