𝑷𝒂𝒓𝒕 19 🍃

102 26 1
                                    

After one week
Author pov🌷~

ගෙවුන සතිය පුරාවටම සේරිගෙන් සෝයොන්ට පුදුම වදයක් තිබ්බෙ..
කෙල්ල මොනා කරත් සේරිට ඒකට ඇදයක් නොකියා ඉන්නම බැරි උනා වගේම ඉඩක් ලැබෙන හැමවෙලේම කෙල්ල පුලුවන් උපරිමෙන් වද දුන්නා..
හැබැයි යුන්ගි ඉන්න තැනනම් සේරි බබා වගේ ඉන්නෙ යුන්ගිට තරහ ගියාම මොනවගේද කියල දන්න නිසා වගේම කොල්ලගෙන් අනුකම්පාව ගන්න..
හැබැයි අනික් කවුරු හිටියත් එතන යුන්ගි නැත්තම් සේරි සෝයොන්ට වද දෙන්න පුරුදුවෙලා හිටියා..

සේරි පුලුවන් හැමවෙලේම කම්පැනි එකට ගියත් ඒ ගොඩක් වෙලාවට කෙල්ල යුන්ගි එක්ක ඉන්න නිසා සේරිගෙන් බේරෙනවා උනාට කම්පැනි එකේදිත්  අනික් මිනිස්සුන්ට වගේම සෝයොන්ටත් සේරි අපහාස කරා..
ඉතින් සේරි කම්පැනි එකට එනවට එතන වැඩකරන කිසිම කෙනෙක් කැමති උන්නෑ වගේම සේරි ඇවිත් හිටියොත් එයාට පේනමානෙකවත් නොයින්න හැමෝම වගබලාගත්තා..
අනික් කොල්ලො හයදෙනාට වගේම යුන්හි, ජීසු දෙන්නටත් සේරිව එපා වෙලා තිබ්බෙ..
මොකද ඒ කාටවත් සේරි පාඩුවෙ ඉන්න දුන්නෑ.. ඒ වුනත් යුන්ගි ඉන්න තැනදි උපරිම අහිංසකයි වගේ රගපාලා කොල්ලො හයදෙනා එක්ක යුන්ගි රණ්ඩු වෙන තරමට යුන්ගිව එයාලගෙන් ඈත් කරලා, බොරු කියලා තිබ්බා..
සේරිගෙ බොරුවට අහුවුන යුන්ගි අනික් හැමකෙනෙක් දිහාම බැලුවෙ වැරදි කෝණෙකින්..

.

.

@Min Industry

👤" අන්න අදත් අර මළඇණේ ඇවිත්ලු.."

👥" හාපෝ..එහෙනම් අදත් ඉදල ඉවරයි.."

👤" ඒකතමයි..මං නම් අද දවසට යන්නෑ මිස්ටර් මින්ගෙ කැබින් එක පැත්තෙ."

🗣️" අපි නම් මෙහෙම හරි බේරෙනවා.. ඒත් අර අහිංසක සෝයොන් ගැන මට දුකයි "

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now