𝘗𝘢𝘳𝘵 07 🍃

132 28 6
                                    

🐱" ඔය මොලගෙඩි ගෙවෙයි ඒක හිතන්න ගියොත්..ඒ නිසා ඒව නොහිතා ගිහින් නිදියන්න හැමෝම.."

මන් එහෙම කියලා පඩිපෙළ නැගලා උඩට ආවෙ අනික් අයත් දහාතේ කල්පනා කර කර උන එකයි මන් කිව්ව එකයි තේරුම් ගන්න උත්සාහ කරද්දි..

………………………………………………………

එතැන් සිට...🪴
So Yeon pov🌷

ටික ටික දවස් පහුවෙලා කාලෙ පියාඹලා ගිහින් තිබ්බෙ මන් දැන් මෙහෙට ඇවිත් මාසයකට කිට්ටු වෙද්දි.. ඔප්පලා හැමෝම මෙහෙ නැවතුනා..

මාත් හරිම සතුටින් හිටියෙ මෙහෙ. මොකද කවදාවත් මට නොලැබුන ආදරේ ආරක්ෂාව හැමදේම ඔප්පලගෙන් මට ලැබුනා..

ඔප්පලා මාව බලාගත්තෙ එයාලගෙම නංගි කෙනෙක් වගේ.. මාත් ටිකෙන් ටික එයාලට වගේම මේ ගෙදරට හුරු උනා..
මේ ටික කාලෙට මන් තේරුම් ගත්ත ගොඩක් දේවල් තියනවා..

ජින් ඔප්පා මේ හැමෝම බලාගන්නෙ ඔම්මා කෙනෙක් වගේ..එයා මේ ගෙදර හැම දේම හොදට හොයල බලනවා වගේම මේ කාටවත් එයාට හොරෙන් හචිමක්වත් යවන්න බෑ.. ඒ තරම් ජින් ඔප්පා එයාලා හැමෝවම තේරුම් අරන් තියෙන්නෙ..අඩුම අර  නපුරටවත් බෑ එයාට මුකුත් හංගන්න.. ඒ වගේම හැමෝම ජින් ඔප්පා කියන දේ එකපාරින්ම අහනවා.. නපුරා කියලත් වෙනසක් නෑ..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now