දවසක් ජංකුක් තුවාල කරන් රෑ වෙලා ගෙදර එන්න හේතුව උනේ එයාට හෝසොක් එක්ක බූසාන් යන්න උන නිසා...ඇමරිකා වල ඉදන් තකහනියක් කොරියාවට ආපු ජංකුක්ගේ අප්පා 'ජංකුක් තමුන්ට පිස්සුද පරණ කුණුගොඩවල් හාර අවුස්සන්න!!' කියලා ඔෆිස් එකට ඇවිත් බැනලා ගියත් ඒ කිසි දෙයක් ගනන් ගත්තේ නැති එයා ආපොහු නඩුව ඕපන් කරපු නිසා තමයි එදා හවස එයලා දෙන්න බූසාන් ගිහින් Junghyun ගේ කා' එක ඇක්සිඩන්ට් කරපු එකාව හොයා ගත්තේ..එතනදි උන පොඩි රණ්ඩුවක් නිසා තමයි ජංකුක්ගේ නලල තුවාල වෙලා තිබුනේ.Mr.Jeon තමයි ලක්ශ 10ක් දීලා කාර් එක හප්පන්න කිව්වේ කියලා මාස ගානක් වද දීලා කෝමහරි හෝසොක් මිනිහගේ කටින් ගත්තා..

ජංකුක්ට තිබුන ප්‍රශ්නේ තමයි ඇයි එයාගේ අප්පා හියුන්ග්ව මැරුවේ කියන එක..Junghyun කියන්නේ තමන්ගේ ළමයෙක් නෙවෙයි කියලා අප්පා ඉස්සර දැනන් ඉන්න ඇති ඒත් පොඩි කාලේ ඉදන් අප්පා එයටයි හියුන්ග්ටයි දෙන්නටම සැලකුවේ එක විදිහට නිසා ජංකුක්ට හිතා ගන්න බැරි උනා ඇයි එයාගේ අප්පා ඒම දෙයක් කරේ කියලා...ඉස්සර ඉදන්ම එයාගේ අප්පා සූහට අකැමති ඇයි කියලත් ජංකුක්ට දැන් තේරුනා...කල්පනාවක හිටිය ජංකුක් සිහියට ආවේ ෆෝන් එක රින්ග් උන නිසා...

"කියන්න මැණික..."

"ඔයා කොහිද ඉන්නේ කූ...ඔයා ගිහින් පැයකුත් වෙනවනේ"

"මන් තව පැයකින් එන්නම් හරිද? දෙන්නට එද්දි මොනාහරි ගේන්න ඕනේද?"

"මුකුත් එපා.ඔයා ඉක්මනට එන්නකෝ..ඔයාවනේ ඕනේ අපිට"

"මන් පුලුවන් ඉක්මනින් එන්නම් බබී...මන් එනකන් තුන් දෙනාම පරිස්සමින් ඉන්න"

"හුම්..ඔයත් පරිස්සමින් එන්න...අපි ආදරෙයි"

"මාත් ආදරෙයි..."

මෙච්චර වෙලා මැලවිලා තිබුන මුහුණට ටේහ්‍යුන්ගේ කෝල් එක නිසා එලිය උනා..මුහුනේ ඇදුනු හීනී හිනාවත් එක්කම කාර් එක ස්ටාර්ට් කර ගත්ත ජංකුක් පැයකින් විතර පස්සේ වහනේ නැවැත්තුවේ ජියොන් මැන්ශන් එකෙන්..එයා දන්නවා මේ වෙලාවේ එයාගේ අප්පා ඉන්නේ ඔෆිස් එකේ කියලා එයාට ඕන උනේ එයාගේ ඔම්මගෙන් මේ හැමදෙයක්ම අහ ගන්න...කාර් එක පාක් කරලා ගේ ඇතුලට ආපු ජංකුක් දැක්කේ ලිවින්ග් රූම් එකේ ෆිල්ම් එකක් බලමින් ඉන්න මිසිස් ජියොන්ව...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now