" නේශූ..මං උඹට හැමදාම කියනවා උඹ මොන මඟුලක් කිව්වත් කමක් නෑ..හැබැයි මගේ ආදරේ ප්‍රශ්න කරන්න එපා කියලා..හැමදේටම over dramatic වෙලා over react කරන්න එපා..මං මෙච්චර වෙලා ඉවසුවානේ ඔයාගේ ගැස්සිලි පැද්දිලි කෑ ගැහිලි..ඔයා හැමතිස්සෙම මාව බය කරන්න කඳුළු පාවිච්චි කරනවා..දැන් ඇති හොඳේ..හොඳටම ඇති.."

" ඔයාට දැන්...ඔයාට දැන් මං බොරුවට අඩනවා වගේද පේන්නේ..මං බොරුද මේ කරන්නේ...මං බොරුවට අඩනවා වගේද පේන්නේ.. මං කඳුළු පාවිච්චි කරලා ඔයාව බය කරනවා කියලද මගේ දෙයියෝ ඔයා මේ කියන්නේ.."

නෙහාරගේ කදුළු තව අලුත් උනා.එයා ඉකිය පාලනය කර ගන්න උත්සහා කරන නිසාම ඒ පපුව වේගෙන් උස්පහත් වෙනවා..හීල්ලෙනවා..ප්‍රතාප් අහක බලා ගත්තේ ඇත්තටම ප්‍රතාප්ට  එයාගේ කඳුළු දරන්න බැරි නිසා.

" enough නෙහාර..දැන් ඇති..ඔයාට හේතුනේ ඕනි..ම්ම්..කන්න නාවේ ඔයයි මමයි රණ්ඩු වෙන විදිහ අපේ දරුවෝ තුන් දෙනා දැන ගන්න ඕනි නැති නිසා..මොකද මං කන්න ආවා නම් ඔය දුවත් ඉන්න තැනමයි ඕවා කියවන්නේ..ඒ දරුවා කාලෙකින් අපි දෙන්නා එක්ක ශොපින් ගිහින් සතුටින් ඉන්නේ..එයාට කොච්චර දුක හිතෙයිද එයාගේ අම්මා එයා එක්ක තරගකාරී වෙලා කියලා දැන ගත්තොත්...ම්ම්ම්..හිතන්න පුළුවන් ද එයාට මොනා හිතෙයිද කියලා..කාර් එක පිටිපස්සේ මම නෙවෙයි ඔයාව ඉන්දුවේ නෙහාර..ඔයයි ඉද ගත්තේ..දුව දන්නේ නෑ ඔයත් අවා කියලා..ඔයා කාර් එකෙන් බැහැලා පොල් ටොෆි ඕනි වෙලා කඩේ ගියා..ඒ වෙලාවේ හිස් උන ඉස්සරහා ශීට් එකට දුව ඇවිත් නැග්ගා පුරුද්දට..මොකද එයා මං එයාව ගන්න ආවම ඉස්සරහින් තමා නඟින්නේ..හැබැයි shopping කරලා ඉවර උනාම දුව ඔයාට නඟින්න ඉඩදීලා බලන් හිටියා..ඒ වෙලේ ඔයා තෝරපු එක ගත්තේ නැති තරහා පිරිමහන්න ඔයාමයි පිටිපස්සෙන් නැග්ගෙ..එතකොට  escalator එකේ සිද්දියට සොරි..මං ඒකට නම් ඔයාගෙන් සමාව ඉල්ලන්නම්..දුවත් බයයි ඔයත් බයයි..මට ඔයාගේ අත අතහැරෙනවා ගාණක් උනේ නෑ...මං එවෙලේ ඔයාගෙන් සමාවගත්තේ නැති විදිහක් නෑනේ නෙහාර..ශර්ට් එක ඔයා තෝරපු එක මං නොගත්තේ ඇයිද කියලා ඔයාටම තේරෙනවා..මං රෝස පාටට කැමති නෑ කියලා දැන දැනම ඔයා මට ඒක ගන්න බලකලා..දුව තෝරපු ash colour එකට වැඩියෙන් ඒක හොඳයි කියලා..ඔයත් දන්නවා දුවත් දන්නවා මං කැමති ash colour එකට මිසක් pink colour එකට නෙවෙයි කියලා..දුවට ඕනි උනේ මගේ සතුට..but ඔයාට ඊට වඩා ඕනි උනේ ඔයා මට තෝරන්නේ මොන ජරාවද මං නෑ බෑ නොකියා ගන්නවා,මං ඔයාවයි තෝරගන්නේ කියලා දුවට පෙන්නන්න.what a shame nehara...are you still a kid or what..මං එවෙලේ ඉදන් ඔයාගේ මේ නාඩගම් ඉවසන්නේ..මට ඔයාට කෑගහලා මේ ප්‍රශ්නේ හවසම විසදන්න තිබ්බා..ඒත් මං නොකලේ ඔයාට ළමයිත් ඉද්දි කෑ ගහන එක වැරදි නිසා..but ඔයා..මං කටවහාගෙන ඉන්න ඉන්න බල්ටි ගහනවා බොරුවට.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now