22 . කොටස 🐯🐰

921 110 1
                                    

සීතල හාදූ❤️

                    ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..








' දූ මෙන්න මල්ලීලා ආවා....'

' මං එන්නම් තාත්තා....'

' කොහොමද ජන්කූක් පුතා...'

' හොදින් ඉන්නවා තාත්තා....'





සෝෆාවේ ඇලවෙලා උන්න ටේහ්‍යුන්ගේ පියා නිවසේ දෝර ඇරගෙන ඇතුළට ආව ජන්කූක්ව උරහිසට තුරැල් කරගත්තෙ ඒ මුවින් පියා කියන වචනය ඇහුණ සතුටට මුව පුරාම හිනාවෙමින්..ටේහ්‍යුන් උනත් ජන්කූක් දිහා බලාගෙන උන්නෙ පුදුමය එක්ක මොකද හිතුවේ නැ අංකල් කිය කිය උන්න ජන්කූක් එකපාරටම පියා⁣ට එහෙම කතා කරාවි කියලා..






' කොහොමද ටේ....'

' හොදයි තාත්තා...'

' මං හිතුවා තව දවල් වෙයි කියලා...'

' ඔෆීස් එකට යන්න ඕනා තාත්තා ටිකක්......'

'අද යන්න ඕනෙ නැ ටේ...'

' බැ තාත්තා ලබන සතියේ වෙනකොට වැඩ ටික ඉවර කරගන්න ඕනා නැත්තම් කරදරයි..මං දවල්ට කන්න එනවා...'

' හරි දැන්ම යන්නෙ නැනෙ යමු මොනාහරි කාලා ඉමු අක්කා මොනාද මන්දා ලෑස්ති කරලා තිබ්බා.....'




ජන්කූක්ගෙ උරහිසෙන් අත අයින් කරන්නෙ නැතුව ටේහ්‍යුන්ගෙ පියා ඔහුත එක්ක සාලයට එහා පැත්තෙ තිබුණ කෑම මේසය දිහාට ඇවිදගෙන යද්දි ටේහ්‍යුන්ගෙ මුණ කලු වෙලා ගියේ පියා දැන් තමාව ගානක් වත් නැ කියලා ඉරිසියාවෙන් හිතන ගමන්..






' පුතා මොනා හරි කන්න...'

' හා තාත්තා ඔයත් කමු....'

' මං වෙලාසනම කෑවා මට උදේන්ම කන්න ඕනා නැත්තම් බෑ....'

' අක්කා කෝ....'

' පොඩි බඩ්ඩ ඇහැරිලා හින්දා කාමරේට ගියා දැන් එයි....'

' අයියා ඔෆීස් එකට ගියාද...'

' ඔව් ඔයාලා එනවා කියපු නිසා ඉක්මනට එවි....'




ජන්කූක් ඉදගෙන උන්න තැනින්ම පුටුවක් ඇදලා ගත්ත ටේහ්‍යුන් කෑම වහලා තිබුණ කූඩය අයින් කරලා ජන්කූක්ට දෙනෙත් වලින් ඉඟි කරේ කන්න කියලා..ටේහ්‍යුන් ඉඟි කරනකොටම කෙක් කෑල්ලක් අරගෙන ගන්න ගත්ත ජන්කූක් ඉක්මනට එක කලා ඉවර වෙලා පැණි වළලුවක් අතට අරගෙන කෙසෙල් ගෙඩියක් කඩාගත්තෙ ටේහ්‍යුන් දෙනෙත් අකුලගෙන ජන්කූක් දිහා බලද්දි...







සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now