26 .කොටස 🐯🐰

1.2K 126 4
                                    

සීතල හාදූ❤️

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..




සීතල හාදූ - විසි හයවන කොටස

❤️ 🐯🐰 ❤️



' දැන්ම යන්නද හදන්නෙ....'

' ම්ම්...'


චිත්‍රපටය ඉවර වෙනකොටම සෝෆාවෙන් නැඟිටලා බෑග් එක අරගෙන ජිමන් එතනින් ඉවත් වෙනකොටම ⁣සුගා ටීවි එක වහලා දාලා ඔහු ඉස්සරහාට ආවේ ජිමින් එක්කම යන්න හිතාගෙන..



' මාවත් දාගෙන යන්න පුළුවන් ද....'

' මං කාගෙවත් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි....'

' නිකම් යන වාහනෙ ටිකක් දාගෙන ගියහම මොකක් වෙනවාද...'

' මං කැමති නැ....'

' එත් මං කැමතිනෙ යමු මාත් එනවා....'

' එ..හ්.....'

' බොරැවට ඔරවන්නෙ නැතුව ඕක අස් කරන්න....'




ස්ටුල් එක තිබුණ කලා ඉවර උන භාජන ටිකත් බීයර් බෝතල් ටිකත් එතනින් අස කරපු සුගා සින්ක් එකට ගිහින් පිඟන් ටික දැම්මාම ජිමින් ඒ ටික සෝදලා අස් කරද්දි සුගා කොස්ස අරගෙන ඇවිත් සෝෆාව ළඟ අතුගාලා දැම්මේ උදේ වෙනකොට බිම වැටිලා තියෙන බයිට් කෑලි වලට කූඹි එයි කියලා...




' ඉවරද හෝදලා....'

' ඔව් මං යනවා....'

' යමු ඉන්න....'

' කිව්වානෙ මං කාවත් දාගෙන යන්නෙ නැ පාඩුවේ ඉන්න....'

' බලමුකො පුළුවන් ද බැරිද කියලා යමු...'

' මං නතර ක⁣රන්නෙ නැ බලන් ඉන්නවා..'

' ආා එක හොදයි නැන්දම්මාවයි මාමාණ්ඩ්වයි බලලාම උදේට එන්න පුළුවන්....'

පුලුවන් උපරිමයෙන් ජිමින් රවනකොට සුගා කටකොණින් හිනාවෙලා එළියට බැහැලා ගිහින් ජිමින්ට කලින් කාර් එක ලගට ගියා...බෑග් එකෙ තිබුණ ටේහ්‍යුන්ගෙ නිවසේ අමතර යතුර දොරේ තිබුණ යතුරටම අමුණලා එළියට ආව ජිමින් දෝර ලොක් කරේ සුසුමක් හෙලමින්...කලිසම් සාක්කුවේ තිබුණ කාර් එකෙ යතුරත් අතට අරගන්න ගමන් කාර් එකට ලගට ආව ජිමින් දෝර අරින්න හදනකොටම සුගා එහා පැත්තෙ ඉදලා ජිමින් දිහාට එබුනා...




සීතල හාදූ  [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Onde histórias criam vida. Descubra agora