13 . කොටස 🐯🐰

737 106 0
                                    

සීතල හාදූ❤️

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..










සුපරැදු විදිහටම දවස් ගෙවිලා ගියහම වෙඩින් එකට කලින් දවසේ බ්‍රහස්පතින්දා හවස ජන්කූක් එයාට අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන වෙඩින් එක තියෙන හොටෙල් එකට ඇවිත් ඔහුගේ කාමරයට වෙලා උන්නෙ එළියට ගිහින් කරන්න දෙයක් නැති නිසා..ඇවිදලා බලන්න ලස්සන පරිසරයක් හොටෙල් එක අවට තිබුණාත් ඇද හැලෙන වැස්ස නිසා කොහෙටවත් යන්න බැරි නිසා ජන්කූක් ඇදට වැටිලා ටිකක් නිදාගත්තා..


' ජන්කූක්...ජන්කූක් මේ දෝර අරිනවා.....'

' කියන්න අම්මා...'

' මේ ටික කාමරෙන් තියන්න ආවේ...'






නින්ද ගිහින් උන්න ජන්කූක් ඇහැරනෙ මව දෝරට ගහන සද්දෙ නිසා..ඉක්මනට ඇදෙන් බැහැලා ගිහින් දෝර අරපු ජන්කූක් දැක්කෙ දෝර ලග හිටගෙන මව මොනාදෝ බෑග් වගයක් අතේ එල්ලගෙන ඉන්නවා.. දෝර ළඟින් මෙහාට උනාට පස්සෙ ඇය කාමරේ ඇතුළට ඇවිත් කණ්ණාඩ් මේසය ළඟ බිමින් අතේ තිබුණ උර ටික තියලා කාමරෙන් යන්න ගියත් ජන්කූක් හැදුවේ ඇය එක්ක ටිකක් කතා කරන්න...





' ආා..හා...'

' අම්මා...'

' මට තමුන් එක්ක කතා කර කර ඉන්න වෙලා නැ ජන්කූක් වැඩ තියෙනවා..කෑම එකක් ගෙන්නගෙන කලා නිදාගන්නවා නිදිමරලා පාන්දර ඔය මුණ කලු කරගෙන ඉන්නෙ නැතුව...'





දෝරත් වහගෙන මව පිටවෙලා ගියහම දිගු සුසුමක් හෙලපු ජන්කූක් තුවායත් අරගෙන නානකාම⁣රයට ගියා..වොෂ් එකක් දාගෙන ආව කූකි ඇදුමක් මාරැ කරගෙන එහෙමම බැල්කනියට ගියේ කාමරේ තිබුණ මිනි ශිතකරණයෙන් බනානා මිල්ක් ශේක් එකකුත් අරගෙන..ඒ වෙනකොට වැස්ස හොදටම නැවතිලා ගිහින්.. අමුතුම ⁣සීතලකින් ජන්කූක්ගේ ගත වෙලා ගද්දි මිල්ක් ශේක් බෝතලය කඩලා මුව ලගට ලං කරගෙනම ජන්කූක් බැල්කනි වැටට හෙත්තු උනා..



' අද හඳ ලස්සනට පායලා...'

' එත් ඇයි මගේ හිතට විතරක් අමාවක..'



සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now