19 . කොටස 🐯🐰

1.3K 136 8
                                    

සීතල හාදූ❤️

                    ❤ ෴  🐯🐰  ෴ ❤️

⸙..

⸙..

⸙..







උදේ ටේහ්‍යුන් ඇහැරෙනකොට ජන්කූක් ඇදෙ තියා කාමරේ වත් පෙන්න උන්නෙ නැ..ඇගමැලි කඩමින් ඇදෙ එහාට මෙහාට පෙරළෙමින් පෙරදා රෑය ගැන සිතුවිලි හිරවෙලා උන්න ටේහ්‍යුන් එහෙමම
ඇදෙන් බැහැලා නානකාම⁣රයට ගියා..වොශ් එකක් දාගෙන ඇවිත් සැහැල්ලු ඇදුමකට මාරැවෙලා පහළ සාලයට ආවාත් ජන්කූක් පෙන්න උන්නෙ නැති නිසා දෝරකඩ ළඟ තිබුණ තමන්ගෙ සෙරෙප්පු දෙකත් දාගෙන ටේහ්‍යුන් එළියට බැස්සෙ ජන්කූක් කොහෙද කියලා බලන්න...








' මෙතන මොකද කරන්නෙ...'

' සර්..ගුඩ් මොර්නින්.....'

' ගුඩ් මොර්නින්.....'

' කම්මැලි නිසා චුට්ටක් එළියට ආ⁣වා වැස්සත් නැනෙ...'

' වැස්ස නැතිවුණාට තවම සීතලයි ජැකට් එකක් වත් දාගෙන නැ...'

' සීතලයි තමා...'

' ආයෙත් අසනීප වෙන්නද හදන්නෙ...'

' දැන් අඩුයි හොදටම....'







සෙරෙප්පු දෙකක් වත් නැතිව සීතල තණකොළ ගොල්ලෙ වටපිට බලමින් එහාට මෙහාට ඇවිදින ජන්කූක් ඉන්න තැනට ටේහ්‍යුන් ආවේ ජන්කූක්ට රවන ගමන්..ඒ රැවුම දිහා බලාගෙන දෙනෙත් රොල් කරලා හිනාවක් පෑව ජන්කූක් එයාගේ අතේ තිබුණ සුදුපාට ගාඩ්නියා මල ටේහ්‍යුන්ගෙ අත අරගෙන අත්ල උඩින් තියලා ඔහුගේ මුණ ලගට කරේ සුවඳ බලන්න කියලා ඉඟි කරන ගමන්...






' සුවඳයි නෙහ්....'

' ම්ම්..ඔව් එක අමුතුම හිත ඇදගන්න සුවඳක්...'

' එක තමා..මං ආසම ඔය මලට...'

' ටික ටික මාත් ආස කරන්නම්...'




ටේහ්‍යුන්ගෙ අතෙ තිබුණ මල දිහා බලාගෙන ජන්කූක් කතා කරත් ටේහ්‍යුන්ගෙ දෙනෙත් නතර වෙලා තිබ්බේ එහාට මෙහාට තාලෙකට වගේ නැලවෙන ලා රෝස පැහැ පුංචි දෙතොල් ලඟ..ජන්කූක්ව ගතට ලං කරගෙන ඒ දෙතොල් මේ පිනි වැටෙන සීතලේ සිපගන්න ටේහ්‍යුන්ට හිතුනෙ වරක් දෙවරක් නෙමෙයි...





සීතල හාදූ  [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Where stories live. Discover now