01. කොටස 🐯🐰

3.1K 185 10
                                    

සීතල හාදු

❤ ෴ 🐯🐰 ෴ ❤️

⸙..

⸙..

⸙..




' ආාශ්...මේකාගෙන් තියෙන කරදරක් අම්මාපාාා.....'

' මොන නසරානි බුරැවෙක්ද මන්දා මේකා නම්.....'

' ආාාහ්.....සැනසීමේ නිදාගන්න වත් නැ....'

' මගේ කරැමේකට මෙහෙ ආව එකෙක්ද කොහෙද....'

' අදත් නින්දක් නැ ඉතින්....'

' ලගට ගිහින් කණට ගහලා එන්න හිතෙනවා දැන් නම්....'



වෙනදා වගෙම වැඩ ටික ඉවර කරලා ඇදට පැනලා සුව නින්දක් දාන්න ගිය ටේහ්‍යුන්ගේ කන් දෙක එක පාරටම කීන් ගාන්න ගත්තෙ තාප්පයෙන් එහා පැත්තෙන් ඇහෙන්න ගත්ත සංගීත වාදනය නිසා..තාප්පයකින් වෙන් වෙලා තිබ්බාට ලොකු ඉඩකඩම් නෙමෙයි නිසා එ ගෙවල් තිබුණේ ළඟින් ළඟින්ටේහ්‍යුන් උන්න නිවසට අල්ලපු නිවස කුලීයට දෙන තැනක්..සතියකට පෙර ඒ නිවසට ආපු තරැණයා නිසා ටේහ්‍යුන්ගේ නින්ද නැතිවෙලා ගිහින්.. වෙන හේතුවක් නිසා නෙමෙයි විනෝදයට බර ඒ තරැණයා සමහර ක්‍රියා නිසා..

ගෙවල් වල මිනිස්සු නිදියන වෙලාවට මහ සද්දෙන් සිංදු දාගෙන අහන එක,සිංදු කියන එක , බඩු මුට්ටු එහාට මෙහාට අදිමින් තනියම කියවමින් ගෙවල් අස් කරන එක එ තරැණායගේ පුරැද්දක් වෙලා තිබ්බත් තාප්පය අසලට කිට්ටුවම ටේහ්‍යුන්ගෙ කාමරයට කණේ තිබ්බා වගේ මේ හැමදේම ඇහෙද්දි අතේ ඇඟිලි දහයටත් වඩා අඩු වචන ප්‍රමාණයක් කතා කරලා තියෙන ඔහු ටේහ්‍යුන්ගෙ ⁣පරම හතුරෙක් උනා...




' පිස්සන් කොටුවේ තියන්න ඕනා එකෙක් ⁣නෙ මෙහෙ ඇවිත් තියෙන්නෙ...'

' මොනාද ඇඬිලාවක්ද ඒ අහන්නෙ.....'

' එක්කෙ අහන්න පුලුවන් සිංදුවක් දාපන්කො..එත් නැ..මලම කරදරයක් මේක නම් දැන්....'

' මෙහෙට නෙමෙයි රෙකෝඩ් බාර් එකකට යන්න තිබුණෙ..මගුල..'






මේ කිසිම දෙයක් නොදන්න අල්ලපු ගෙදර තරැණයා විනෝදයෙන් කාමරේට වෙලා සතුටු වෙනකොට එ තරැණයාට හිතෙන් දෙහි පිට දෙහි කපන ගමන් උන්න ටේහ්‍යුන් නින්ද යනකොට රෑ මැදියමත් පහුවෙලා..




සීතල හාදූ  Taekook🐯🐰 [ 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ ]Tahanan ng mga kuwento. Tumuklas ngayon