𝘗𝘢𝘳𝘵 04 🍃

Start from the beginning
                                    

මට වෙන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරි උනා..මෙයා මොකද මේ කරන්නෙ.. මොකද දන්නැ සත්ත්ව කරුණාව පහල වෙලා..
එයා කරන දේ මොලේට ලෝඩ් උන ගමන් මන් කකුල ගන්න ගමන් කතා කරා..

🌼" මො...මොනවද සර් කරන්නෙ.. ක.. කවුරු හරි ආවොත් වැ..රදි..යට හිතයි"

මන් එහෙම කිව්වම එයා මන් දිහා බලලා කට කොනින් හිනා උනා..

🐱" කවුරුත් මෙතනට එන්නෙ නැ.. නිකන් බොරුවට බය වෙන්න එපා.."

එයා එහෙම කියල මගෙ කකුල ආයෙත් අරන් එයාගෙ කකුල උඩින් තියාගෙන එයා ගෙනාපු බාම් එක ගාන්න ගත්තා..

🌼" ආව්හ්...ස්..."

තුවාල වල බාම් එක ගානකොට නිකන් දිව්‍යලෝකෙත් පේනව වගේ.. ඒ තරමට රිදෙනව..මන් තොලත් හපාගෙන වේදනාව ඉවසන් හිටියා..
කකුල් දෙකේම තුවාල වල බාම් ගාලා ඉවර වෙලා එයා නැගිට්ටා..

🐱" ම්ම්..දැන් ඔය ෆයිල් ටික චෙක් කරනව.. මතකනෙ කිව්ව දේ..ඕක චෙක් කරල ඉවර වෙනකන් ගෙදර යන්න බෑ"

එහෙම කියල එයා මගෙ කැබින් එකෙන් එලියට ගියේ මන් එයා ගියපු දිහා බලන් රවනකොට..මහ නපුරෙක්.. ඒ උනාට මොකද දන්නැ වද දීලා ඉවර වෙලා බාම් ගාන්න ආවෙ..😒
මන් ඉක්මනට ෆයිල් ටික චෙක් කරන්න ගත්තෙ ගෙදර යන්න ඕනි නිසා..

At 9 p.m. 🍃

මන් කොච්චර චෙක් කරත් මේ ෆයිල් ඉවර වෙන්නැ දෙයියනේ..දැන් නවයත් පහුවෙලා..🤧 හැමෝම ඕෆ් වෙලා ගෙදර ගිහිම් හීනත් බලනව ඇති..
අහෝ මගෙ තරුණ ජීවිතේ

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now