ඒත් එක්කම ජන්කුක් ටේහියුන්ගේ නිරුවත් උරහිසට පාරක් දුන්නා...

" මං කිව්වා එපා කියලා..."

" හරි හරි ඉතිං...අපි එහෙම ලොකු දේවල් කරේ නැහැ නේ..."

" දැන් ගිහින් හරියට ඇඟ පිහගෙන යට ඇඳුම ඇද ගන්න...මං කලිසමත් ස්තිරික්ක කරලා ඉවර වෙලා දෙකම කාමරේට අරන් එන්නම්....කෝ යන්න ඉතිං..."

" අහ් මං ආවේ ඒක කියලා යන්න...අද ඇඳුම් මදින්න එපා..."

ටේහියුන්ග් කියනකොට ජන්කුක් ටේහියුන්ගේ කලිසමක් දෙකට නමන ගමන්ම ටේහියුන්ග් දිහා බැලුවා...

" ඇයි ? අද ඉස්කෝලේ යන්නැද්ද ?"

" නැහැ...මං අද කුඹුර හාන්න යනවා..."

" එහෙනම් මමත් එනවා..."

" නිකන් ඉදින්කෝ...ඇයි උබත් ඇවිත් කුඹුරු හාන්නද ? "

" ඇයි එන්න එපා ද ? "

" බොරුවට එතනට ඇවිත් වැඩක් නැහැ නේ මැණිකේ...කොහොමත් දවාලේට ඇඹුල අරන් එනවා නේ..."

ටේහියුන්ග් එහෙම කියලා කට ගන්නවත් එක්කම අතේ තිබ්බ කලිසමෙන්ම ටේහියුන්ගේ ඇඟට දමලා ගැහුව්ව ජන්කුක් ඉණට අත් දෙක තියා ගත්තා...

" අහ්හ්හ් හරි ආස ඇති නේ තනියම කුඹුරු හාන්න යන්න...ඔව් ඔව් මං දන්නවා මට එන්න එපා කියන හේතුව...මං ආවාම අර නියර වටේ දුවන ගැටිස්සියෝ දිහා බලන්න බැහැනේ...."

" අනේ මොන ගැටිස්සියෝද බං...දැන් ගැටිස්සියෝ දිහා බලන වයසක්ද මට තියෙන්නේ..."

" අවුරුදු විසි නමයට හන්දිපත් රුදාව එහෙම හැදිලා නැහැ නේ ..නේද ? හිතේ ඇති තනියම යන්න...එව්වා කොහෙද මාත් එක්ක...මං එන එක එනවා..."

" උබත් අනේ මන්දා බං...උබ එක්ක අවුරුදු හතරක් ආදරේ කරා....ඊට පස්සේ අවුරුදු හතරක් තිස්සේ පවුල් කනවා...තාමාත් මේ ගමේ ඉන්න කෙල්ලන්ව අල්ලන් මගේ බෙල්ල ගලවන්න හදනවා...කෙල්ලෝ පස්සේ යන්න ඕන්නම් මං උබ වගේ වැද්දෙක්ව බැඳ ගනිද "

" වැද්දා ? මං කිව්වායි කියලා හිතා ගන්න...වැද්දා...කවුද දන්නේ නැහැ සරම් ගලවගෙන මහ රෑටත් වැදි නැටුම් නටන්නේ.."

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now