" ඕන නැහැ...ඒත් ඕක කාගේද ? "

" මගේ "

ටේහියුන්ග් එහෙම කියන ගමන්ම සාක්කුවට නැවතත් පා සලබ දා ගන්න ගමන් අතින් අවුල් උන කොණ්ඩේ හදා ගත්තා...

" ඔයාගේ ? ඕවා පිරිමි අය කකුලේ දාන්නේ නැහැ නේ..."

" දන්න තරම ඉතිං...අපේ ගමේ අය නම් දානවා..."

ටේහියුන්ග් ලූනාව නූල් බෝලේක පටලවලා හෙමීන් සීරුවේ කූඩාරමෙන් එළියට එන්න ආවේ ලූනා තවමත් පිරිමි පලඳින පා සලබවල් මොනාද කියලා කල්පනා කරද්දි....

ටේහියුන්ග් කූඩාරමෙන් එළියට එනකොට දුම් දාදා ඇලුමෙනියම් වලඳක් දර උඩ පත්තු වෙනවා...

" අහ් හියුන්ගී...එන්න තේ බොන්න..."

ටේහියුන්ගේ පැමිණිමත් එක්ක නම්ජුන්ට බිස්කට් අල්ලමින් හිටිය ජන්කුක් කට පුරෝලා හිනා උනා...

ඊයේ අඬ අඬා හිටිය ජන්කුක් කොහොමද එක රැයකට පස්සේ මෙහෙම හිනා වෙන්නේ....

ටේහියුන්ද ජන්කුක් දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බලාගෙනම ඇවිත් නම්ජුන් ලඟින් ඉද ගත්තා...

" කෝ අර නෝනා හාමූ...එන්න කියන්න බුලත් දෙන්න වෙයි ? "

නම්ජුන් තේ කෝප්පේට පොඟව පොඟව හිටිය බිස්කට් එකේ පැකට්ටුව ටේහියුන්ග් දිහාවට දික් කරද්දි ජන්කුක් පෙනේරෙන් පෙරපූ තේ ටික කෝප්පේකට දාලා ටේහියුන්ග් ලඟට ගෙනාත් දුන්නා...

" ස්තුතී ජන්කූ..."

" ඔක්කොම බොන්න හොඳේ..."

ටේහියුන්ගේ හිස් මුදුනට දෙවතාවක් තට්ටු කෙරුව ජන්කුක් නමාගෙන හිටිය කොණ්ද කෙලින් කරවලා ඇඳගෙන ඉන්න කලිසමෙන්ම තෙත් උන අත් දෙකත් පිහ ගන්න ගමන්ම ටේහියුන්ග්ගේ කූඩාරම පැත්තට බෙල්ල හැරෙව්වා...

" නෝනා !!! එන්න තේ හදලා තියෙන්නේ..."

ජන්කුක් ඒ පැත්තට ඇවිදගෙන යන ගමන්ම කෑගහද්දි ඉක්මනින්ම කූඩාරමෙන් එළියට ආව ලූනා , ජන්කුක් දිහා අමුතු විදිහට බලලා වචනයක්වත් නොකියා ටේහියුන්ග්ට ඉස්සරහින් ඉද ගත්තා...

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now