නම්ජුන් තීරණය කරා අද තමන්වත් එක්කගෙන ජන්කුක් යනවා කිව්ව දූපතේදිම තමන්ගේ හිතට හොර රහසේම පොදි ගැහුන ඒ හැඟීම් ජන්කුක් ඉදිරියේ වචන කරන්න...

ඒ බව මතක් වෙන හැම සැරේකම නම්ජුන්ගේ හදවත පාලනයෙන් තොරව ගැහෙන්න ගත්තා...

නම්ජුන් උද්‍යෝගයෙන් වගේම ඒ මොහොතේම හිතේ චකිතයකින් හිටියා....

ජන්කුක් මොන විදිහට තමන්ගේ පාපොච්චාරනය භාර ගනීද යන්න නිශ්චිත විශ්වාසයක් නම්ජුන් තුල නොතිබ්බාත් මේ දරාගෙන ඉන්න අමාරු හැඟීම් ගොඩ එළියට නිදහස් කරොත් තමන්ගේ හිතට සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුව නම්ජුන් ලඟ තිබුනා...

නම්ජුන් තමන්ගේ අතේ තියෙන කමිසය පපුවට ලං කර ගනිමින් තමන්ගේම සිහින සමඟ පොර බඳින අතරේ ඉස්තෝප්පුව ලඟ ගලවලා දාලා තිබ්බ සෙරප්පු කුට්ටම ඇඟිලි අස්සේ හිර කර ගත්ත ටේහියුන්ග් එළියට ඇවිත් තනියමම හිනා වෙමින් ඉන්න නම්ජුන් දිහා බැලුවා....

" ප්‍රොෆෙසර් ? "

ටේහියුන්ග් ඇහිබම එකට ලං කරන් එහෙම අහද්දි ගැස්සිලා හරි කල්පනාවට ආව නම්ජුන් ඉක්මනින්ම
පිටිපස්සට හැරුනා...

" ඔව් ටේහියුන්ග් , කියන්න..."

" ප්‍රොෆෙසර් මොනාද කරන්නේ ? "

" අහ් ! මගේ ඇඳුම් ටික වේලිලාද කියලා බැලුවා..."

" හ්ම්ම්...මං දැන් එළියට යනවා...ප්‍රොෆෙසර්ට මොනා හරි එලියෙන් ගන්න තියෙනවා ...? "

" මට දැනට නම් එහෙම මුකුත් අවශ්‍ය නැහැ ටේ...ඔයා යන ගමනක් පරිස්සමින් ගිහින් එන්නකෝ..."

" හොඳයි ප්‍රොෆෙසර්..."

ටේහියුන්ග් එහෙම කියලා ගෙට්ටුව බලා පිටත් උනා...

" ටේ ? "

" අහ් ? "

" ඔයා කොහෙද යන්නේ ? "

Call me by your name 🦋 ( Completed ✅)Dove le storie prendono vita. Scoprilo ora