ඉතිං ඒ සඳුදාවත් ටේහියුන්ග් නැතිව ඔහේ ගෙවිච්ච තවත් දවසක් විදිහට ජන්කුක්ගේ කැලෙන්ඩරේට එකතු උනා....

සීතල රාත්‍රියේ අවසානේත් එක්ක අඟහරුවාදා දවසත් ආවා...

නමුත් ජන්කුක් හිටියේ කලින් දවසේ තරම් ප්‍රබෝධමත්ව නෙමෙයි....

මොකද ජන්කුක් හුඟාක්ම බලාපොරොත්තු උනේ ටේහියුන්ග් සතිය පටන් ගන්න දවසේම ගමට එයි කියලා...

කොහොම නමුත් වෙනදා වගේම වට පිටාවෙන් ඇහෙන ශබ්ද අහගෙන හිටිය ජන්කුක් ඇඳ පාමුල ඉදගෙන අතේ තිබ්බ රෙදි කෑල්ලේ මලක් හැඩෙකට ඇඳලා තිබ්බ පැන්සල් ඉරි උඩින් රෝස පාට නූලක් අරගෙන ගියා....

විනාඩි කිහිපයක් ඔය විදිහට නිස්කලංකව ගෙවිලා යද්දි හිටි හැටියේම ගෙදරට දුවගෙන ආව ආරී ජන්කුක් තමන්ගේ පැත්ත හැරෙනවත් එක්කම එයාට ආවේණික උන නර්ථනේ ජන්කුක් ඉස්සරහා රඟ දැක්කුවා....

ඒ නැටුම දැක්ක ක්ශනිකයෙන් ජන්කුක්ගේ අතේ තිබ්බ ඉඳි කට්ටත් , රෙදි කෑල්ල අමුනලා තිබ්බ ලී රාමුවත් ඉබේම බිම වැටුනා....

ජන්කුක් ආරී පෙන්වන මේ නැටුම දැක්කේ මීට මාස ගානකට කලිනුයි....

ඒ ටේහියුන්ග් මේ ගමේම ජීවත් වෙද්දි....

අද ඒ නැටුමම ආරී ආයේත් ජන්කුක්ට පෙන්වනකොට ආරී නිහඬවම කිව්ව ඉඟිය තේරුම් ගත්ත ජන්කුක් ගැහෙන කකුල් වලින් ඇඳට වාරු වෙලා නැඟිට්ටා....

" ඔම්මා...!!! මගේ හියුන්ගී ඇවිත් ඔම්මා...!!! "

ජන්කුක් ඇස් වලට පිරීගෙන එන කඳුලු පිටින්ම පිලිකන්නේ දර කඩන්න ගිය යූනාට කෑගහලා කකුලට පාවහන් දෙකක්ද නැතිව එහෙමම එළියට දිව්වා....

ඊට ටික වේලාවකට පස්සේ ගමේ වැට ලඟට කිට්ටු උන ජන්කුක් වැට ගාව ඉදන් අඩි තිහක විතර දුරක් තියලා එතනම නැවතුනා....

ජන්කුක් මාස ගානක් තිස්සේ දකින්න පෙරුම් පෙරුව ඒ රුව ගම සීමාවෙන් එපිට හිටගෙන හිටියා....

" ජන්කූ....!!! "

ටේහියුන්ග් මුවඟට නගා ගත්ත ලස්සන හිනාවත් එක්ක ටිකක් ඈතට වෙන්න හිටිය ජන්කුක්ට අත වැනුවා....

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now