ටේහියුන්ග්ට ඕන උනා කාව හරි වැළඳ ගන්න...තමන්ගේ හිතට සහනක් දැනෙනකන් කාගේන් හරි ලැබෙන ස්පර්ශන් විඳින්න...ඔලුවේ තියෙන ප්‍රශ්න ටික හේඳිලා යනකන් ඉකි ගහමින් කෑගහලා අඬන්න...කාත් එක්ක හරි මේ ප්‍රශ්නේට තියෙන හොඳම විසඳුම ගැන කතා කරන්න...

ටේහියුන්ග් තවමත් තමන් ගත්ත තීරණේ ගැන චකිතයකින් හිටියා...

ඔව් , එයාට ඕන උන වැළඳ ගැනීම තමන්ගේ ඇඳ උඩින් ඉද ගත්ත ඒ සේවිකාවගේන් ටේහියුන්ග්ට ලැබුනා...

තමන්ගේ හාමූ මහත්තයා කියා නොසිතා කුඩා කල පටන් ටේහියුන්ග්ව තමන්ගේම දරුවෙක් විදිහට බලා ගත්ත ඒ සේවිකාව එදා වගේම අදත් අඬන ටේහියුන්ග්ව සනසවන්න ඒ පිට හෙමින් පිරිමැද්දා...පුංචි කාලේ වගේ වඩාගෙන වත්ත වටේ දුව දුව ගස් වල ඉන්න කුරුල්ලන්ව පෙන්නමින් අඬන ටේහියුන්ග්ව නලවන්න දැන් බැරි උනාත් සේවිකාව තමන්ට පුලුවන් විදිහට ටේහියුන්ග්ව සනසවන්න උත්සාහ කරා....

සමහරක් වේලාවට ටේහියුන්ග්ට උපත දුන්න මවටත් වඩා තමන්ව උස් මහත් කරපූ ඒ සේවිකාවට ටේහියුන්ග්ව දැනුනා...ටේහියුන්ගේ හැඟීම් ඒ සේවිකාවට තේරුනා...අන්න ඒ නිසායි කිසිම වචනයක් හෝ නොකියා නිහඬවම අඬන ටේහියුන්ග්ගේ හිතේ බර මේ වෙනකොටත් ඒ සේවිකාවට තේරිලා තිබුනේ...

" අනේ පුතේ නඩා ඉදින්කෝ..."

ටේහියුන්ගේ පිට හෙමින් අත ගාමින් ඒ ඔලුව මවකගේ සෙනහසකින් සිප ගත්ත සේවිකාව තවත් ටේහියුන්ග්ව ඒ ගැහෙන පපු තුරුලට හේත්තු කර ගත්තා...

ටිකකින් තමන් විහින්ම අඬන එක නවත්ත ගත්ත ටේහියුන්ග් සේවිකාවගේ උරහිස උඩින් ඔලුව අරන් අත් දෙකෙන්ම පෙඟිලා තිබුන කම්මුල් දෙක පිහිද ගන්න උනා...

" දැන් ගිහින් ඇඟ සෝද ගන්න..මං උණුවතුර රත් කරලා බේසමට දාලා තියෙන්නේ..."

සේවිකාව දාඩිය නිසා නලලට ඇලුන ටේහියුන්ග්ගේ කොණ්ඩේ ඇඟිලෙන් එහාට කරලා ඒ නලල සිප ගත්තා...

ටිකකින් ඔලුව වනලා සේවිකාවට එකඟ උන ටේහියුන්ග් සීතල පොලව උඩට අඩිය තියලා කාමරේන් එලියට යන අතරේ ටේහියුන්ග්ගේ ශරීරේ උණුසුමෙන් රත් උන ඇඳ හෙමිට පිරිමදින්න ගත්ත සේවිකාව තමන්ගේ ඇස් වලට පිරුනු කඳුලු බිංදු බිමට වැටෙන්න කලියෙන්ම පිහිද ගත්තා...

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now