එක කොල්ලෙක් කිව්ව කතාවට ටේහියුන්ග් වගේම අනිත් ලමයින් ටිකත් මේසේට ගගහා හයියෙන් හිනා වෙන්න ගත්තා....

" ඒක නෙමෙයි ? "

හිනාවෙවී හිටිය කොල්ලෙක් එකපාරම එහෙම කියන ගමන් ටේහියුන්ග් දිහාවට හැරුනා....

" හ්ම්ම්..? "

" උබලා දෙන්නා අතර ඇත්තටම මුකුත් සම්බන්ධකමක් නැද්ද ? "

ඒ කොල්ලා එහෙම අහනවත් එක්කම ටේහියුන්ග්ගේ ඇස් තියුණු උනා....

" උබලාට මං කියලා තියෙනවා... ඉන්නේ මගේ සහෝදරයා"

" එත් බං උබලා දෙන්නා හරි අමුතු- "

" මං සැරයක් කිව්වා නේ...!!! අනවශ්‍ය විදිහේ කතා හදාගෙන- "

එත් එක්කම ටේහියුන්ග්ගේ කතාව මඟ නැවතිලා ගියේ තමන්ට වඩා බාල පංතියක හිටිය ගැහැණු ලමෙක් පංතියට ගොඩ වෙලා ඉස්සරහ හිටිය ලමෙක්ගෙන් ටේහියුන්ග් කොහෙද කියලා ඇහුව්ව නිසා....

පංතියේ කෙලවරේ ඉදගෙන හිටිය ටේහියුන්ග් දිහාවට ඇඟිල්ල දික් කරලා පෙන්නුව ඒ ලමයා පංති කාමරේන් එලියට යද්දි වයසින් බාල ඒ කෙල්ල ටේහියුන්ග් දිහා බලාගෙන ඒ පැත්තට කලබලෙන් ඇවිදගෙන ආවා.....

" ඔප්පා..?"

ටේහියුන්ග් ලඟට ආපු ඒ කෙල්ල ටේහියුන්ග්ට අඬ ගහනකොට එයා දිහා බලාගෙනම ඇහිබම උස්සලා ඇයි කියලා ඇහුව්ව ටේහියුන්ග් ඒ කෙල්ල කතා කරනකන් හිටියා....

" ඔප්පා ජන්කුක්- "

කෙල්ලගේ කටින් ජන්කුක්ගේ නම පිට උන හැටියේ හයියෙන් පුටුව පිටිපස්සට ඇදලා හිට ගත්ත ටේහියුන්ග් කෙල්ලගෙ මුහුන දිහා හරියට බැලුවා...

ඒ ජන්කුක්ගේ පංතියේම ඉන්න ලමෙක්....

" කියනවා ජන්කූට මොකද..? "

" අදත් අර ලමයි- "

එච්චරයි ටේහියුන්ග්ගේ කන් වලට ඇහුනේ වගේම ඒ කෙල්ලට කියන්න පුලුවන් උනේ....

Call me by your name 🦋 ( Completed ✅)Kde žijí příběhy. Začni objevovat