Chapter 1

2.8K 417 360
                                    

බොසොං (Boseong)~ ඒ පලාත හඳුන්වන්නේ ඒ නමින්...

නමුත් මේ කතාව ඒ පලාතේම තිබුන සුන්දර කඳු යායකින් වට වෙච්ච පුංචි පිටිසර ගමක හැදුන තරුණ යෞවනයන් දෙදෙනෙක් ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නමුත් මේ කතාව ඒ පලාතේම තිබුන
සුන්දර කඳු යායකින් වට වෙච්ච පුංචි පිටිසර ගමක හැදුන තරුණ යෞවනයන් දෙදෙනෙක් ගැන....

- සැප්තැම්බර් 01 -

මද්‍යම රාත්‍රීය උදා වෙනවාත් සමඟම පන්දම් රැගෙන කලබලෙන් එහෙට මෙහෙට දුවමින් හිටිය ගම් වාසීන් අතර ඇති උනේ නොනැවතීමක් නැති කසකුසුවක්....

" කිම් මහත්මියට අමාරුයි වගේ..."

" ජියොන් පවුලටත් අද රෑම දරුවා ලැබෙන්න යන්නේ..."

ගමේ සීමා මායිම් ලකුනු කරමින් ගම වටේට ගොඩ නැගුනු තාප්පෙන් මෙපිට නොසන්සුන්ව ඇවිදින ගැහැණු උදවිය මඟ බලාගෙන හිටියේ අද රාත්‍රීයේ ගෙවල් දෙකක ඉපදෙන්න ඉන්න දරුවෝ දෙන්නා දැක ගන්නයි....

කිම් පවුල කියන්නේ ගමේ අන් කිසිවෙකුටත් වඩා මුදල් හදල් වලින් පොහොසත් වගේම ධනවත්කම විදාහ පෑව ගම ඇතුලේ කාගෙත් ප්‍රසාදයට ලක් උන පවුලක්....කිම් පවුලේ උරුමය ගෙනියන්න දැනටමත් අවුරුදු තුනක පුංචි පුතෙක් ඉද්දි කිම් මහත්මිය මේ උපත දෙන්න යන්නේ ඇයගේ දෙවනි දරුවාටයි....

ජියොන් පවුල නම් අනිත් අය වගෙම එදා වේලත් මහන්සියෙන් හම්බ කරගෙන කන මිනිස්සුයි...බොහොම අමාරුවෙන් කල් ගෙව්වාත් විවාහ වී දැනට අවුරුදු පහකම කාලයක් ගත වෙලා ගිහින් තිබුන නිසා අවසානේ ජියොන් පවුල තීරණේ කරා තමන්ගේ මුස්පෙන්තු ගේ ඇතුල පුංචි එකෙක්ගේ කට හඬකින් සරසවන්න...

කොහොම නමුත් එදා රාත්‍රීයේ මුලු ගමම කලබල වෙලා හිටිය හේතුවත් ඕකමයි...කිම් පවුලට වගේම ජියොන් පවුලටද ඉපදෙන්න හිටිය දරුවෝ දෙන්නාම ලෝකේ දකින්න තීරණේ කරේ එකම දවසේ , එකම මොහොතේ....

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now