53 🚩 - ( ' 3')

891 213 73
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

ඒ මනුස්සයො දෙන්නා මාව ඇදගෙන ආවෙ මං හිටපු කාමරේට ටිකක් එහායින් තිබ්බ ගොඩක් කලුවර කාමරේකට...
ඒත් ඒකෙ පිටිපස්සටම වගේ වෙන්න එල්ලලා තිබ්බ චූටි කහපාට බල්බ් එකක් නිසා නිකන් ජායාවට වගේ ඒ කාමරේ තියන දේවල් බලාගන්න මට පුළුවන් වුණා...

එයාලා මාව ටිකෙන් ටික ඉස්සරහට ඇදගෙන යද්දි මම යන්තමට වගේ දැක්කා තව කවුරුහරි කෙනෙක්ව ඒ Light එක ගාවම තිබ්බ පුටුවක ඉන්දවලා ගැට ගහල තියනවා.. ඒත් ඒ කෙනාගෙ මූණ මට හරියකට බලාගන්න බැරි වුණේ එයාගෙ ඉස්සරහින්ම වගේ හිටගෙන හිටපු තව කෙනෙක් නිසා.

කොහොම වුණත් මං එයාලා ගාවටම වගේ යද්දී මට යන්තමට අඳුරගන්න පුළුවන් වුණා ඒ ඉස්සරහින් හිටගෙන ඉන්න මනුස්සයව නම්... ඒ කෙනා තමයි මීට ටික වෙලාවකට කලින් මාව ගැටගහල තිබ්බ කාමරේට ආපු අර වයසක මනුස්සය...
එහෙමත් නැත්නම් මේ කවුරු වුණත් කට්ටියගෙ බොස් !

එයාව අදුන ගෙන ඊළඟ තප්පරේ මං එයාගෙන් ඇස් අහකට අරගෙන ඊටපස්සෙ බැලුවෙ එයාට පිටිපස්සෙන් පුටුවෙ ගැටගහල හිටපු අනිත් කෙනා දිහා...

ඒත් ඒ කෙනාව මම අමාරුවෙන් වුණත් අදුන ගන්න උත්සහ කරද්දි මාව ඇදගෙන ආපු පිරිමි දෙන්නා මාව සතෙක් ගානට බිමට තල්ලු කරල දැම්මෙ ඒ තල්ලු කරපු පාරට මාව විසිවෙලා ගිහින් කාගෙහරි කකුල් දෙකක් ළඟ එහෙම්මම නතර වෙද්දි.

🐇 - " අහ්හ්හ්~  අනේ ටෙටේ !! "

මාව බිමට වැටෙද්දි මගේ මූණ ගිහින් කෙලින්ම බිම ඇනුණු නිසා මගෙ නහයෙන් වගේම නලලෙන් ආපු වේදනාවට මට එකපාරටම වගේ කෑ ගැස්සුනා.

ඒත් එතකොටම මට ඇහුනෙ.........













" බ-බබා... "

ඔව් මට ඇහුනා.... මගේ කන ගාවින්ම වගේ ඇහුනා.

ඒක.... ඒක මගෙ ටෙටේ ගෙ කටහඬ..
ඒත් ඒක මේ වෙද්දි ගොඩක් දුර්වල වෙලා වගේ තිබුණේ...

' දෙයියනේ මගේ ටෙටේ !
අනේ මගෙ ටෙටේ කොහෙද ?

ඇයි එයාගෙ කටහඩ වෙව්ලන්නෙ?
එයාට කරදරයක්ද ?
මේ මිනිස්සු එයාට කරදර කලාද ? '

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now