➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡
Back to Taehyung P.O.V
මහ හයියෙන් වහිනවා.... සැරෙන් සැරේට ලොකු එළියක් එක්ක අකුණු පාරකුත් ගහන්නෙ අන්ධකාරයෙ ගිලිලා තියන වටපිටාව ටිකක් එළිය කරලා... දැන් පැයක වගේ ඉදන් පාරේ එහෙ මෙහෙ යන බල්ලෙක්වත් හොයාගන්න තිබ්බෙ නෑ... ඉදහිට වාහනයක් දෙකක් මඩ විසික් කරගෙන වේගයෙන් ධාවනය වුණොත් මිසක් මුලු පැත්තම පාලුවට ගිහින් තිබ්බෙ...
මම හිටියෙ අර කෑම කඩේ ඉස්සරහ ගුලි වෙලා ඉදගෙන පොඩි වහල කෑල්ලකින් යන්තමට ආවරණය වෙලා.... ඒත් මං ඔලුවෙ ඉදන්ම බාගෙට නෑවිලා හිටියෙ... හිරිකඩ පාරටයි හිල් වෙච්ච වහලෙන් වැටෙන වතුර බින්දු වලටයි...
හොදටම සීතලයි... මම දිගින් දිගටම මගේ අත් දෙක එකිනෙක ඇතිල්ලුවෙ ඇගේ තියන උණුහුම ටිකක් හරි රැකගන්න... ඒත් ඒක ඇගට දැනෙන හීතල නැතිකරගන්න තරම් ප්‍රමාණවත් වුණේ නෑ... මොකද මම ඇදලා හිටියෙ ගොඩක් දුහුල් T-shirt එකක් එක්ක පොඩි short එකක්.. ඒකත් දැන් හොදටම තෙමිලා ඇගට ඇලිලා... ඉදලා හිටලා කිවිසුමක් දෙකක් යද්දි මගේ මුළු ඇගේම හිරිගඩුත් පිපුණෙ මගේ ඇගට තවත් මේක ඔරොත්තු දෙන්න බැරුව වෙන්න ඇති...
හදිස්සියෙම මම හිටපු තැනට ලොකු එළියක් ආවා... කකුල් දෙක අස්සෙ මූණ ඔබන් හිටපු මම හිමීට ඔලුව උස්සල බැලුවෙ ඒ එළිය මොකද්ද කියලා...
" දෙවියන්ට ස්තූති වේවා...
ඒ ළමයව හම්බුනා..
ඉක්මනට sir ට Call එකක් දෙන්න."මං දිහාට ටෝච් එකක් අල්ලන් හිටපු හැඩි දැඩි ටිකක් වයස පෙනුම තියන මනුස්සයෙක් එයාට කුඩේ අල්ලන් හිටපු අනිත් තරුණ කෙනාට කිව්වා...
" Yeobuseyo sir
ඒ ළමයව හම්බුනා...
අපි කොහෙටද එයාව අරන් එන්න ඕනේ..Oky sir....
මෙයාව sir ගෙ ගෙදරට අරන් යන්නලු ...
Sir ත් ඉක්මනට ගෙදර යන්නම් කිව්වා.."Call එක cut කරපු මනුස්සයා අනිත් එක්කෙනාට එහෙම කිව්වා.
🐆 - " ඔයාලා කවුද ! "
YOU ARE READING
OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔
RomanceI don't want to be your brother. Why can't you see me as your lover ?! Started to write - 2021.08.22 🐆 Finished - 2022.09.29 🐇