22 🚩 - ( ' 3')

1.2K 272 43
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

කුකීයි මමයි දෙන්නම ඇදුම් මාරු කරගෙන දෙන්නත් එක්කම පහලට බැස්සා...

අපි පහලට එද්දි අපේ පපා, dinner එක dinning table එකට serve කරන ගමන්...
එතකොට අප්පා, එතන තියන පුටුවක ඉදගෙන Phone එකේ මොකක්හරි දෙයක් කියවනවා..

🐹 - " ම්ම්ම්.... දෙන්නම ආවද ! "

අපිව දැකලා පපා අපිට කතා කලා..

🐨 - " ohh මගෙ පැටවු දෙන්නා ඇවිත් !

දැන් මෙතනින් ඉදගන්නකො බලන්න ඩබලම...
අපිට ඔයාලා එක්ක ටිකක් කතා කරන්න ඕනි. "

අප්පත් එයාගෙ අතේ තිබ්බ Phone එක පැත්තකින් තියලා අපි දෙන්නට කිව්වා..

මම ඔය වගේ දෙයක් කොහොමත් බලාපොරොත්තුවෙන් හිටියෙ...
ඒ නිසාම මං බිම බලාගෙනම ගිහින් මගේ පුටුවෙන් ඉදගත්තා..  කුකී මට එහා පැත්තෙන්......

🐨 - " ටේ බබා....
මොකද්ද අද වුණේ ?
ඇයි ඔයා කාටවත් නොකිය තනියම එළියට ගියේ..? "

අප්පා මගෙන් මුලින්ම ඇහුවෙ ඒක...!

🐆 - " මට ටිකක් ඇවිදින්න යන්න හිතුනා අප්පා.."

මම බිම බලාගෙනම කිව්වා...

🐹 - " අද ඔයාලා දෙන්නා මුකුත් රණ්ඩුවක් වත් වුණාද ! "

පපා එකපාරටම එහෙම ඇහුවම මාව ටිකක් ගැස්සුනා...

🐇 - " ඔ-ඔව් පපා...පොඩි රණ්ඩුවක්..
මම ටෙටේ එක්ක තරහ වුණා බොරුවට..
එයා ඒක serious අරන්.. "

කුකී එකපාරටම පැනල උත්තර දුන්නා...

🐨 - " මම අහන්නෙ නෑ ඔයාලගෙන් රණ්ඩු වෙන්න හේතුව මොකද්ද කියලා..
ඒත් ආයෙ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් කාටවත් නොකිය ඔහොම එළියට යන්න එපා...

ඔයාලට මොකක්හරි කරදරයක් වුණොත් !
දන්නවද අපි කොයිතරම් බය වුණාද කියලා. "

🐆 - " ම-ට  ස_මා_වෙන්_න   අ-ප්පා_ "

මම මගේ කම්මුලක් දිගේ බේරෙන කදුළු බින්දුවක් පිට අල්ලෙන් පිහිදාන ගමන් මිමිණුවා..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now