29 🚩 - ( ' 3')

1.2K 281 29
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

මම දැන් මෙතන හිටගෙන ඉන්නෙ ගොඩක් ලොකු අසරණකමක් එක්ක..
ඒකට හේතුව අපේ class monitor Woo-bin ගෙ නංගි minhaa !!

මම හොදටම දැක්කා එයා මෙතනට ආපු වෙලේ ඉදන් එයාගෙ ඇස් දෙක මගේ ඇග පුරා නොනවත්වාම එහෙ මෙහෙ යනවා.. ඒක මට ලොකු අපහසුතාවයක් වුණා..

ඒ මදිවට මගේ කුකීත් මගෙ එක අතක් තද කරල අල්ලගෙන මාව ටිකෙන් ටික එයාගෙ පිටිපස්සට ඇදගන්නෙ හරියට මාව එතන ඉන්න කට්ටියගෙන් හංගල තියාගන්න වගේ.

මේ හැමදේම එක්ක මම ඉක්මනින් තීරණයක් ගත්තා.

🐆 - " කුකී..
ඔයා එහෙනම් මේ දෙන්නා එක්ක පොඩ්ඩක් කතා කර කර ඉන්න !
මම ගිහින් ටක් ගාලා change වෙලා එන්නම්. "

කුකී දිහා බලලා හිනා වෙලා එහෙම කිව්ව මම එයාගෙ පිටට තට්ටුවකුත් දාලා ඉක්මනට Changing room එක පැත්තට දිව්ව... ඒත් ඒ වෙලාවෙ මං හොදටම දැක්කා minhaa ගෙ මූණ එකපාරටම මැලවිලා ගිය විදිය..

Minhaa !!

Minhaa කියන්නෙ Woo-bin ගෙ නංගි කියලා මම දැන ගත්තෙ අද !
ඊටත් වඩා ඒ කෙල්ලගෙ නම minhaa කියල දැන ගත්තෙත් අද..

ඒ කෙල්ල තමයි දැන් මාස දෙකක විතර ඉදලා weekend එකේ අපි Library ගියාම අපේ ළඟටම ඇවිත් ඉදගන්න ගෑනු ළමයා...
කොහොමත් මට මුල් කාලෙදිම තේරුණා ඒ කෙල්ල ඔය එන්නෙ නම් හොදකට නෙවෙයි කියන එක.. හැබැයි මම හිතාගෙන හිටියෙ එයාගෙ crush එක කුකී කියලා.. ඒත් දැන් නම් මට ටික ටික තේරෙනවා ඒකි කැමති මගෙ කුකීට නෙවෙයි මට කියලා.










Author P.O.V

(🐮- Woo-bin
🐦- Minhaa )

Woo-bin, තමන්ගෙ නංගි minhaa ගෙ crush එක Taehyung කියල දැන ගත්තෙ මේ ළඟදි..

එදා රෑ Woo-bin හදිස්සියෙම minhaa ගෙ room එකට ගියේ එයාගෙ body lotion bottle එක ඉවර වෙලා තිබ්බ නිසා minhaa ගෙන් ටිකක් ඉල්ල ගන්න හිතාගෙන.. ඒත් ඒ වෙලාවෙ Woo-bin දැක්කා minhaa එයාගෙ ඇදට වෙලා ඉදගෙන හරි අමුතු විදියට හිනාවෙවී Phone එකේ මොනාහරි දෙයක් බලනවා..
ඒ මොකද්ද කියල දැන ගන්න තිබුණු වුවමනාවට හිමින් හිමින් minhaa ළඟට කිට්ටු වුණු Woo-bin එකපාරටම එයාගෙ Phone එකට එබුන..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now