10🚩 - ( ' 3')

1.3K 266 20
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Library එකට ආවට පස්සෙ කුකී එයාට ඕනි පොත් ටික තෝරගෙන අපි හැමදාම ඉදගන්න table එකෙන් ගිහින් ඉදගත්තා.. මාත් එයාගෙ පස්සෙන්ම ගිහින් එයාට ඉස්සරහින් තිබ්බ පුටුවෙන් ඉදගෙන School එකේ දුන්න assignment එකක් කරන්න පටන් ගත්ත...

ටික වෙලාවකින් මට දැනුණා කුකී මගේ කකුලට හිමීට තට්ටු කරනවා... ඒ නිසයි මම ඔලුව උස්සල එයා දිහා බැලුවෙ.. එතකොට එයා මට ඇස් වලින් පෙන්නුවා එයාගෙ එහා පැත්තෙන් ඉදගෙන හිටපු කෙල්ලව..

' ආශ් අදත් මේ කෙල්ල ඇවිත්.. '😬

Library එක ඇතුලෙ කාටවත් කතා කරන්න බැරි නිසා මම කුකීට ඇස් වලින්ම කිව්වා ඔතනින් නැගිටලා මගෙ එහා පැත්තෙ පුටුවට එන්න කියලා... ඒ මම කියපු දේ හරි ඉක්මනට තේරුම් ගත්ත කුකී එයා කියෝ කියෝ හිටපු පොතත් අරන් මගේ එහා පැත්තෙ පුටුවට ඇවිත් වාඩි වුණා..

තවත් තප්පර කීපෙකට පස්සෙ එයා කියවන පොතෙන් එයාගෙ මූණත් වහගෙන ටික ටික මගේ පැත්තට බරවුණු කුකී මගේ කන ගාවට ළං වුණා..

🐇 - " ටෙටේ..."

🐆 - " ම්ම්ම්ම්ම්.."

🐇 - " මං හිතන්නෙ එයා ඔයාට කැමතී..
බලන්නකො එයා හොරෙන් හොරෙන් ඔයා දිහා බලන ලස්සන.."

🐆 - " මට වැඩක් නෑ..."

🐇 - " අයියෝ ඔච්චර නපුරු වෙන්න එපා hyung "

🐆 - " ඔයා ඔය පොත කියෝලා ඉවර නම් අපි දැන් යං. "

🐇 - " නෑ තාම නෑ. "

ඒ ගමන ඉක්මනට මගෙන් අහකට වුණ එයා ආපහු ඒ පොත අස්සට මූණ ඔබාගත්තා...

ඔයාලා දැන් බලනවා ඇති නේද කවුද ඒ කෙල්ල කියලා.. අනේ මාත් ඒක දන්නෙ නෑ හරියටම.. හැබැයි දැන් සති කීපෙක ඉදන් එයා හැමදාම අපි Library එන time එකට මෙතනට ඇවිත් අපේ ගාවින්ම ඉදගන්නව...

මුලින්ම මම හිතුවෙ එයා එන්නෙ කුකීගෙ පස්සෙන් කියලා... ඒත් කුකී මට කිව්වෙ එයා එන්නෙ මගෙ පස්සෙන්ලු.. අනේ මන්ද !
.
.
.
.
.
.

කොහොමහරි දවල් 2.30 විතර වෙනකන් අපි Library එකේ හිටියා..

🐇 - " ටෙටේ.."

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now